2026 LPL තරගාවලියට එක්කර ගන්නා ක්‍රීඩකයින්ගේ සමාජ මාධ්‍ය ආකර්ෂණය ගැනත් අවදානය

ලංකා ප්‍රිමියර් ලීග් 06 වන වාරය වෙනුවෙන් එක්කර ගත යුතු ක්‍රීඩකයින් සම්බන්ධව නිර්ණායක හඳුන්වා දී තිබෙනවා.
එහිදී ක්‍රිකට් අත්දැකීම් පමණක් නොව වාණිජ ආකර්ෂණය සහ සමාජ මාධ්‍ය ආකර්ෂණය කෙරෙහි ද ප්‍රධාන අවධානයක් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

නව රෙගුලාසි යටතේ, ඉහළ පෙළේ අයිකන කාණ්ඩය සඳහා අයදුම් කරන ක්‍රීඩකයින් අවම වශයෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 75 ක් ක්‍රීඩා කර තිබිය යුතු අතර, ෆ්‍රැන්චයිස් විස්සයි විස්ස තරඟ 100 කට වඩා සහභාගී වී තිබිය යුතු වනවා.

එමෙන්ම පසුගිය මාස 18 තුළ අවම වශයෙන් තරග 30ක් ක්‍රීඩා කර තිබිය යුතු අතර, ඊට අමතරව ඔවුන්ට 250,000 ඉක්මවන සමාජ මාධ්‍ය අනුගාමිකයින් සිටිය යුතු වනවා.

මේ අතර තරගවලික්යට එක්කර ගන්නා තරු කාණ්ඩයේ ක්‍රීඩකයින් පසුගිය මාස 18 තුළ අවම වශයෙන් විස්සයි විස්ස තරඟ 50ක්, ෆ්‍රැන්චයිස් විස්සයි විස්සයි තරඟ 100 කට වඩා සහ අවම වශයෙන් පසුගිය මාස 18 තුළ තරග 30ක් ක්‍රීඩා කර තිබිය යුතු අතර, 250,000ට වැඩි සමාජ මාධ්‍ය අනුගාමිකයින් පවත්වා ගත යුතුයි.

එමෙන්ම රන් කාණ්ඩයේ ක්‍රීඩකයින්ට අවම වශයෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 30 ක්, ෆ්‍රැන්චයිස් විස්සයි විස්ස තරඟ 75 කට වඩා සහ පසුගිය මාස 18 තුළ අවම වශයෙන් තරග 20ක් ක්‍රීඩා කර තිබිය යුතු වනවා.

මෙම කාණ්ඩයේ ක්‍රීඩකයින්ට සමාජ මාධ්‍ය අනුගාමිකයන් 150,000 ඉක්මවා සිටිය යුතු වනවා.

ක්ලැසික් කාණ්ඩයේ ක්‍රීඩකයින්ට පසුගිය මාස 18 තුළ අවම වශයෙන් විස්සයි විස්ස තරග 20ක්, ෆ්‍රැන්චයිස් විස්සයි විස්ස තරඟ 50කට වැඩි ප්‍රමාණයක් සහ ජාත්‍යන්තර තරඟ 20ක් තිබිය යුතු අතර, සාධාරණ රසික පිරිසක් සහ වාණිජ ආකර්ෂණයක් අත්‍යවශ්‍ය නිර්ණායක ලෙස ලැයිස්තුගත කර තිබෙනවා.

මේ අතර සියලුම විදේශීය ක්‍රීඩකයින් තම ජාතික කණ්ඩායම් නියෝජනය කර හෝ පසුගිය මාස 12 තුළ පූර්ණ සාමාජික මණ්ඩල, ILT20 හෝ මේජර් ලීග් ක්‍රිකට් විසින් සංවිධානය කරන ලද තරඟාවලි වැනි ඉහළ පෙළේ විස්සයි විස්ස ලීගවලට ක්‍රීඩා කර තිබිය යුතුයි.

එමෙන්ම විශ්‍රාමික දේශීය ක්‍රීඩකයින් තරඟාවලියට එක්කර නොගැනීමේ තීරණයක් ද ගෙන තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් 06 වන වාරය වෙනුවෙන් වැටුප් ව්‍යුහය ලෙස Icon සහ Star කාණ්ඩයේ ක්‍රීඩකයින් ඇමරිකානු ඩොලර් 60,000 සිට ඩොලර් 80,000 දක්වා පරාසයක, Platinum ක්‍රීඩකයින් ඩොලර් 50,000 සිට ඩොලර් 30,000 දක්වා සහ Classic ක්‍රීඩකයින් ඩොලර් 20,000 දක්වා පරාසයක ස්ථානගත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40