2025 නැගී එන තරු අතර ආසියානු කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම්කෙරේ

2025 නැගී එන තරු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කර තිබෙනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය මේ බව නිවේදනය කර ඇති අතර, මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේටයි.

නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත් වන අතර, යොවුන් ක්‍රීඩක විශේන් හැලඹගේ, අහන් වික්‍රමසිංහ, විජයකාන්ත් වියස්කාන්ත්, ට්‍රැවීන් මැතිව්, ගරුක සංකේත් වැනි ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත්.

ඊට අමතරව ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර අත්දැකීම් ඇති ප්‍රමෝද් මධුෂාන්, මිලාන් රත්නායක,නුවනිදු ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, නිශාන් මධුෂ්ක, ලසිත් කෲස්පුල්ලේ, සහන් ආරච්චි වැනි ක්‍රීඩකයින් ද මෙම සංචිතයට ඇතුළත්කර තිබෙනවා.

කටාර්හි සත්කාරකත්වයෙන් එළඹෙන 14 වනදා සිට 23 වනදා දක්වා 2025 නැගී එන තරු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩයම් අටක් සහභාගී වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
5
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?