2026 වසරේ දී මේ දක්වා විදේශගතව සිට සංවිධානාත්මක අපරාධකරුවන් 41 දෙනෙක් මෙරටට රැගෙන ඒමට හැකිව තිබෙනවා.
රටම එකට ජාතික මෙහෙයුම මඟින් වාර්තාවක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.
මේ අතර 2025 වසරේ දී විදේශගතව සිට සංවිධානාත්මක අපරාධකරුවන් 21 දෙනෙක් මෙරටට රැගෙනවිත් ඇති අතර, ඒ අනුව, 2025 වසරට සාපේක්ෂව 2026 වසරේ දී විදේශගතව සිට මෙරට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් ගණන දෙගුණයකට ආසන්න වනවා.














