2024 විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

2024 මූල්‍ය වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය හිමි වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී 2024 මූල්‍ය වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි මෙම අනුමතිය හිමි වී ඇත්තේ.

මේ අනුව 2024 වසර සදහා වන පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් පෙර වසරවලට සාපේක්ෂව සංසන්දනාත්මකව විශ්ලේශනය කිරීම සිදුවූ අතර ඇතැම් කරුණුවලට අදාළ වැඩිදුර දත්ත ලබන 13 වැනිදාට පෙර කමිටුවට ඉදිරිපත් කරන ලෙසටයි දන්වා සිටියේ.

වාර්ෂික අයවැය යෝජනාවලින් විශාල පුමාණයක් යෝජනාවලට පමණක් සීමා වීම ගැටලුවක් බව ද කමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා. මේ අනුව ඉතිහාසයේ සෑම ආණ්ඩුවක් යටතේම අයවැය යෝජනා ඉදිරිපත් කළද අවසානයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ සුළු ප්‍රමාණයක් බවයි සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. මෙය නරක පූර්වාදර්ශයක් බැවින් මෙම තත්ත්වය වළක්වා ගනිමින් අයවැය පසුවිපරමක් සිදුකිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණා. මේ අනුව රජයේ මුදල් කාරක සභාව මගින් ද ඉදිරි අයවැයට අදාළව මෙම පසුවිපරම සිදුකළ යුතු බවටත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. මේ අනුව පසුගිය අයවැයෙන් පසුව කොපමණ යෝජනා ප්‍රමාණයක් ඉටුකර ඇත්ද යන කාරණයට අදාළ සවිස්තරාත්මක වාර්තාවක් ලබන සඳුදාට පෙර ඉදිරිපත් කරන ලෙසටයි දැනුම් දුන්නේ.

තවද විසර්ජන පනත් කෙටුම්පතේ 6 වැනි වගන්තියට අනුව ‘සංවර්ධන කටයුතු’ යන වැඩසටහනකට වෙන් කරන ලද මුදල් වෙනත් ශීර්ෂයක් යටතේ වෙනත් වැඩසටහනකට මාරු කිරීම පිළිබදවද අවධානය යොමු වුණා. මේ අනුව 2016 වසරේ සිට මෙලෙස ලබා ගෙන ඇති අරමුදල් පිළිබද දත්ත වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන ලෙසත් නි‍යෝග කළා.

වාර්ෂික අයවැය පරතරය 5% කට අඩු අගයක පවත්වා ගතයුතු බවට මුදල් නීති රෙගුලාසිවල නෛතික ප්‍රතිපාදන තිබුණ ද එය ප්‍රායෝගික ක්‍රියාත්මක නොවීම පිළිබදවත් අවධානය යොමු වුණා. මේ අනුව නෛතික තත්ත්වයන්ට යටත්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී කමිටුව විසින් අවධාරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34