spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2023 අයවැය හෙට පාර්ලිමේන්තුවට

2023 මුදල් වර්ෂයට අදාළ අයවැය හෙට (14) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

2023 අයවැය මඟින් රාජ්‍ය වියදම 2022 වසරට වඩා 29.2%කින් ඉහළ ගොස් ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

නව වසරේ රාජ්‍ය වියදම රුපියල් බිලියන 7885ක් බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා රට තුළ මෙවන් ආර්ථික අර්බුදයක් පවතින මොහොතක දී දැවැන්ත ඉලක්කයක් රජය සතුව පවතින බවත් සඳහන් කර සිටියා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

2023 වර්ෂයට අදාළ අයවැය ලේඛනය හෙට (14) පස්වරු 1.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අයවැය කතාව ඉදිරිපත් කරන අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන් සඳහා පමණක් සීමා කරන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?