2023 ආසියානු කුසලානයේ ඉන්දීය කණ්ඩායමේ තරග ගැන සුවිශේෂී තීරණයක්

2023 ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලිය පෙර සැලසුම් කළ පරිදි පාකිස්තානයේදී පැවැත්වෙනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් අඩෙවියක් වන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරනවා.

කෙසේ වෙතත් තරගාවලියේ ඉන්දියාව සහභාගී වන තරග පාකිස්තානයේ දී නොපවත්වා එම තරග වෙනත් රටකදී පැවැත්වීමට අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ,අනුව ඉන්දියාව සහභාගී වන තරග හැර අනෙකුත් සියලුම තරග පාකිස්තානයේ දී පැවැත්වෙනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඉන්දියාව සහභාගී වන තරග ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය හෝ එංගලන්තයේදී පැවැත්වීම සඳහා අවධානය යොමුව ඇති බව සදහන්.

කෙසේ වෙතත් පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගය තුළ සත්කාර පාකිස්ථානය වෙනත් රටකදී ඉන්දියාව සමග තරග කරනවාද යන්න පිළිබඳව තවමත් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොතිබීම ද විශේෂත්වයක්.

මෙවට ආසියානු කුසලාන තරගාවලිය විස්සයි විස්ස ආකෘතියෙන් බැහැරව පන්දුවාර 50 තරගාවලියක් ලෙස එළඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40