2023න් පසු පකිස්තානයට GSP + සහනය අහිමිවීමේ අවදානමක්

යුරෝපා සංගමය 2014 දී පකිස්තානයට සාමාන්‍ය GSP + සහන යෝජනා ක්‍රමය ප්‍රදානය කරන ලද අතර එමඟින් බොහෝ භාණ්ඩ සඳහා තීරුබදු රහිත ප්‍රවේශයකට  පකිස්තානයට අවස්ථාව හිමිව තිබුණා.

ඒ අනුව යුරෝපා සංගම් වෙලඳපොලට ඇතුල් වීමේදී තීරු බදු තුනෙන් දෙකක් පමණ කපා හැරීමත් සමඟ පාකිස්ථාන අපනයනකරුවන් ඉමහත් ප්‍රතිලාභ ලබා ගත්තා.

යුරෝපා සංගමය අපේක්ෂා කළේ ඉහත සඳහන් ආනයන බදු සඳහා හිලව් වශයෙන් පාකිස්ථානය ගෝලීය වශයෙන් පිළිගත් ආයතනික සහ සමාජ හැසිරීම් ප්‍රමිතීන්ට අනුකූල වීම වැඩිදියුණු කිරීම සඳහා නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය කරනු ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සම්මුතීන් 27කින් සමන්විත මානව හිමිකම් තත්ත්වය, කම්කරු ප්‍රමිතීන්, කාන්තාවන්ගේ සේවා කොන්දේසි මෙන්ම පරිසර ආරක්ෂණය වැඩිදියුණු කිරීම ආදිය මෙම කරුණුවලට  බොහෝ දුරට ඇතුළත්.
රෙදිපිළි, සම් භාණ්ඩ, ක්‍රීඩා සහ ශල්‍ය භාණ්ඩ අංශයන්ගෙන් සමන්විත GSP+ යෝජනා ක්‍රමය යටතේ යුරෝපය වෙත පකිස්ථානයේ අපනයන 2013 දී යූරෝ  බිලියන 3.56 සිට 2021 දී යූරෝ බිලියන 6.64 දක්වා සැලකිය යුතු ලෙස වැඩිවී තිබුණා.
ඉහළ අපනයන සාක්ෂාත් කර ගැනීමට අමතරව, මානව, කම්කරු, කාන්තා අයිතිවාසිකම් සහ අනෙකුත් ප්‍රමිතීන් ඇතුළුව නිෂ්පාදන සහ ජීවනෝපාය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට නිරාවරණය වීම සඳහා පාකිස්ථාන ව්‍යාපාරික ප්‍රජාවට උපකාර වුණේ GSP+ වරමයි.

කෙසේ වෙතත් GSP+ නියමයට අනුව සමාජ-දේශපාලන මිනුම් දණ්ඩ හරහා සිය කාර්ය සාධනය වැඩිදියුණු කිරීමට පකිස්ථාන රජයේ ප්‍රතිචාරය තවමත්  මන්දගාමී සහ ප්‍රමාණවත්  නොවන බවටයි මත පළ වන්නේ.
පකිස්ථානය යුරෝපා සංගමයේ GSP+ සහනයෙන් ප්‍රතිලාභ ලැබූවත්, කම්කරුවන්ගේ ජීවන තත්ත්වය, ආරක්‍ෂාව සහ වැඩබිමේ ගෞරවය වැඩි දියුණු වී නොමැති බවට චෝදනා එල්ල වනවා.
මීට අමතරව, මානව, කාන්තා සහ කම්කරු අයිතීන් උල්ලංඝනය කිරීම, බලහත්කාරයෙන් පැහැර ගැනීම්, මාධ්‍යවේදීන්ගේ නිදහස, සහ අපහාස කිරීම  යන කරුණු තවමත් පකිස්ථානයේ දෛනික චර්යාවේ  කතාබහකට ලක්වෙමින් තිබෙනවා.
දුප්පත් කම්කරුවන්ට අවම වැටුපක් හෝ ගෞරවයක්  නෙලැබෙන තත්ත්වයක් පවතින බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

GSP+ යනු සංවර්ධන ආධාර මෙවලමක් නොවන අතර එය  මානව වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වෙළඳ සහකරු අනුක්‍රමිකව සම්බන්ධ කර ගැනීමේ අරමුණින් ආර්ථික මූල්‍ය හා වෙළඳ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ඉවහල්වන ක්‍රියාදාමයක්.

එබැවින් GSP+ ප්‍රතිලාභ ලබා දීමේදී මානව හිමිකම් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.

මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සාමාජිකයින් පසුවන්නේ ඉතා සංවේදී තත්ත්වයකයි.

මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා 2022 සැප්තැම්බර් මාසයේදී පකිස්තානයට ගිය යුරෝපා පාර්ලිමේන්තුවේ  මානව හිමිකම් පිළිබඳ උප කමිටු නියෝජිත පිරිසක්, අසත්‍ය චෝදනාවලට එරෙහිව ආරක්‍ෂාව යොදා ගනිමින් අපහාස නීති අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීමේ අවශ්‍යතාව පාකිස්ථානයට  අවධාරණය කර තිබුණා.

ආසියානු අධ්‍යයනය සඳහා වූ යුරෝපීය ආයතනය ද  වාර්තාවක් මගින් ඔප්පු කර  තිබුණේ  පකිස්ථානයේ පාලක ප්‍රභූවරුන් ඔවුන්ගේ පුද්ගලික වාසි සඳහා මෙම GSP+ පහසුකම භාවිතා කර ඇති බවයි. ඒ අනුව 2023න් පසු GSP+ ප්‍රතිලාභ සඳහා අයදුම් කිරීම පාකිස්ථානයට අභියෝගයක් වනු ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51
Video thumbnail
22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජපක්ෂලාගේ නඩු විතරයි ඇහෙන්නේ ?බලය අත හැරුණොත් පරිප්පුව කන්න වෙනවා.
04:56
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ# ඩබල
01:13
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55