2021 ගෙන්වූ නැනෝ දියර පොහොර ගැන හොයන්න කමිටුවක්

2021 මහ කන්නයේ වී වගාවට නැනෝ දියර පොහොර ආනයනය නිසා යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත උසස් නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

චීන කාබනික පොහොර නැවට මුදල් ගෙවීම හා නැනෝ පොහොර ආනයනය කිරීම යන කරුණු දෙකම රටේ කෘෂිකර්මාන්තයට කිසිදු ප්‍රයෝජනයක් අත් නොවූ පියවරයන් දෙකක් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙන්නේ.

චීන කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 06.09ක මුදලක් ගෙවීම මෙන්ම නැනෝ දියර පොහොර යනුවෙන් මෙරටට ආනයනය කරන ලද පොහොර නිසා රටේ කෘෂිකර්මාන්තයට කිසිදු ප්‍රයෝජනයක් අත් වී නැතැයි ද අමාත්‍යවරයා අවධාරණය කරනවා.

අද දින (25) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මාධ්‍යවේදීන් මේ සම්බන්ධව අමාත්‍යවරයාගෙන් කරුණු විමසනු ලැබුවා. නැනෝ පොහොර ලීටර් ලක්ෂ 30ක් 2021 දී මෙරටට ආනයනය කර ඇතත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් අත් වී නැතැයි යන කාරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ නැනෝ පොහොර ආනයනය සම්බන්ධව යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳ දැනට ඉදිරිපත්ව ඇති පෙත්සම් සහ විගණකාධිපති වාර්තාවන් සැළකිල්ලට ගනිමින් මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ඉහළ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම මෙමගින් යම් මුල්‍යමය අලාභයක් හෝ වංචාවක් සිදුවී ඇත්ද යන්න පිළිබදව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් කරුණු විමසුවා.

මේ සිදුවීම සිදුවුයේ තමා කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරන සමයේ නොවන බැවින් මේ සම්බන්ධව කිසිවක් කිව නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධව සොයා බැලීම සඳහා පත් කෙරෙන අමාත්‍ය අනු කමිටුව මගින් ඒ සම්බන්ධව විමර්ශනය කරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.

චීන පොහොර නැවට ඩොලර් මිලියන 06.09ක් ගෙවා තිබෙනවා. ඒ වගේම මේ නැනෝ දියර පොහොර යනුවෙන් ඉන්දියාවේ ගුජරාටයෙන් ගෙන්වන ලද දියර පොහොර ලීටර් ලක්ෂ 03ක පමණ ප්‍රමාණයත් ගත් කළ ඒ සඳහා වැය කළ සමස්ත මුදල රටේ කෘෂිකර්මාන්තයට හෝ ගොවියා ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් අත් වී නැති බව කිව යුතුයි. මේවා මහජන මුදල්. මහජන මුදල් වැය කිරීමේ දී ඒවාට රජය වගකිව යුතුයි.. යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41