20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත-පාකිස්තාන අවසන් පූර්ව සටන අද

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය නවසීලන්තය සහ පාකිස්තානය අතර අද (9) පැවැත්වේ.

සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයෙන් තරග කළ නවසීලන්තය එක් තරගයක් පමණක් පරාජය වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් පළමු අවසන් පූර්ව තරගයේ ස්ථානයක් වෙන් කර ගත් අතර, සුපිරි 12 වටයේ පළමු තරග දෙක පරාජය වුවද සෙසු තරග 3 ජය ගනිමින් දෙවැනි කාණ්ඩයේ දෙවැනි ස්ථානයෙන් බාබර් අසාම් නායකත්වය දෙන පාකිස්තානය අවසන් පූර්ව වටයට එක් විය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක නවසීලන්තය අවසන් පූර්ව වටයට එක් වූ සිවුවැනි අවස්ථාව මෙයයි.ඉන් අවස්ථා 3ක් පිට පිටම වීම විශේෂත්වයකි. මින් පෙර 2007දී පාකිස්තානය හමුවේම පරාජය වෙමින් නවසීලන්තයට අවසන් තරගය අහිමි විය. 2016දී එංගලන්තය හමුවේ පරාජය වීම නිසා අවසන් තරගය අහිමි වූ ඔවුන් පසුගිය වසරේ අනුශූරයන් බවට පත්විය.

පාකිස්තානය අවසන් පූර්ව තරගයකට එක් වන්නේ 6 වැනි වරටයි.

මේ දෙපිල විස්සයි20 තරග බිමේදී අවස්ථා 28දී හමුව ඇති අතර, ඉන් තරග 17ක් ජයගෙන ඇත්තේ පාකිස්තානයයි. නවසීලන්තයට තරග 11ක ජය හිමිව ඇත

මෙම තරගය ඉතා තිවුණු තරගයක් වෙතැයි විචාරකයන්ගේ මතයයි. ශදාබ් ඛාන්, ශහීන් ෂා අෆ්රිඩි සහ මොහොමඩ් වසීම් පාකිස්තාන පන්දු බළ ඇණියේ ප්‍රධාන ක්‍රීඩකයන් වන අතර, මිචෙල් සැන්ට්නර්, ටිම් සවුති, ලොකී ෆර්ගියුසන් සහ ට්‍රෙන්ට් බෝල්ට් නවසීලන්තයේ ප්‍රධාන තුරුම්පු වෙයි.

මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට සිඩ්නිහිදී ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:46
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:50
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50
Video thumbnail
දැන් අමෙරිකන් ජෙප්පො ටිකක් ඉන්නේ..ටැක්ස් එක අඩු කරලා ඉන්ධන දෙනවා කිව්වා..දැන් කරපන්කෝ ඉතින්
04:21
Video thumbnail
ගියපාර ඉරානයට ෂොට් එක දෙද්දි "ඔබාමාට එන්න කියාපිය" කියලා තමයි අනුරලා පිකෙටින් කළේ..දැන් කට කොයි
05:29
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04
Video thumbnail
සීගිරියේ ලොකුම හෝටලය කාලයක් තිස්සේ කරපු කැත වැඩ ඔක්කොම මාට්ටු..වනජීවී අපරාධ රාශියක් කරලා
06:02
Video thumbnail
කළු ගඟ ඉවුර ගොඩ කරලා කෙසෙල් ගස් හදලා..මේ විනාශය බලධාරින්ට පේන්නේ නැද්ද ?මේකද ආණ්ඩුවේ වෙනස ?
03:11