AFC Banner
AFC Banner
Empty Ad

20-20 කාන්තා ලෝක කුසලාන පිටියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද

පන්දුවාර 20-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගය අද (19) පැවැත්වෙනවා.

නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන මූලික වටයේ මෙම තරගය දකුණු අප්‍රිකාවේ පර්ල් හිදී අද රාත්‍රී 10.30 ට ආරම්භ වීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා අද තරගය ජයගත හොත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හැකියාව ලැබෙනවා.

තරගාවලියේ සහභාගී වූ තරග තුනෙන් තරග දෙකක් ජයගැනීමට ශ්‍රී ලංකා පිළට මේ වනවිට හැකිව තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියේ පළමු කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්ව ඇති අතර එහි දෙවන ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමටයි.

දෙවන කාණ්ඩය යටතේ පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර තරගය ද අද පැවැත්වීමට නියමිතයි.

01 22
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?