19න් පහළ කාන්තා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

අවුරුදු 19න් පහළ කාන්තා T20 ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තරගාවලිය ලබන 14 වනදායි ආරම්භ වන්නේ.

පළමු තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතරයි.

එදිනම ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර තරගය ද පැවැත්වෙනවා.

එමෙන්ම ජනවාරි 16 වනදා ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම තරග වදින්නේ බංග්ලාදේශය සමගයි.

තරගාවලිය වෙනුවෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 15ක් ඇතුලත්.

විශ්මි ගුණරත්නගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙසට කටයුතු කරන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ශෂිකලා සිර්වර්ධනයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30