ලෝකයේ බලවත් රාජ්‍යයන් කිහිපයක් එක්ව පවත්වනු ලබන 18 වැනි බ්‍රික්ස් සමුළුව මෙවර ඉන්දයාවේ නව දිල්ලි අගනුවර අද (11) සිට එළඹෙන 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රාජ්‍යයන්හි රාජ්‍ය නායකයන් මෙම සමුළුව සඳහා සහභාගී වන බව සඳහන්.
නැගී එන ආර්ථිකයන් සඳහා සංසදයක් ලෙස 2009 දී පිහිටවනු ලැබූ මෙම සමුළුව සඳහා ප්‍රධාන වශයෙන් මැද පෙරදිග ගැටුම් පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම මෙම සමුළුව මඟින් BRICS රටවල් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම, නව හා නව්‍ය තාක්ෂණයන් පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීම, සෞඛ්‍ය අභියෝග සහ දේශගුණික අභියෝග සඳහා ආර්ථික, සමාජීය සහ ආයතනික වශයෙන් ශක්තිමත් වීම, ජාතික හා ගෝලීය වශයෙන් තිරසාර සංවර්ධනය වේගවත් කිරීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම සිදුවනවා.
චීනයේ ජනාධිපති ෂී ජින්පින් ද මෙම සමුළුව සඳහා සහභාගි වීමට නියමිතව ඇති අතර ඔහු එලෙස ඉන්දියාවට පැමිණෙන්නේ 2019 වසරේ පැමිණීමෙන් පසුව බවයි වාර්තා වන්නේ.
එමෙන්ම රුසියානු ජනාධිපති විලැමැදිර් පුටින් ද මෙම සමුළුව සඳහා සහභාගී වීමට අද ඉන්දියාවේ නව දිල්ලි අගනුවර වෙත පැමිණ තිබෙනවා.













