15 හැවිරිදි සිසුවාගේ හැඟීම් ඇවිස්සෙන ලෙස ආදර වදන් තෙපලූ ගුරුතුමිය තවදුරටත් රිමාන්ඩ්

“ඔයා ගාව හරි සුවඳයි ” ” ඔයා නැතුව මට ඉන්න බෑ” යැයි ලිංගික ආශාවන් ඇතිවන ආකාරයේ  කෙටි පණිවිඩ යොමු කරමින් පහළොස් හැවිරිදි සිසුවකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට  පත් කර සිටින ගුරුවරිය එළඹෙන 9 වෙනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස හොරණ අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්  කරන ලද්දේ හොරණ තක්ෂිලා උයන ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි තිදරු මවක් වන ගුරුවරියකි.

සැකකාරිය සිසුවා අධ්‍යාපන ලබන පාසලේම සිසුවාගේ පන්තිභාර ගුරුවරිය ලෙස කටයුතු කළ තැනැත්තියකි.

ඊට අමතරව පොලිසියේ ඉල්ලීමකට අවසර ලබා දුන් මහේස්ත්‍රාත්වරයා ගුරුවරිය පරිහරණය කරන ලද ජංගම දුරකථනය සහ සිසුවා පරිහරණය කරන ලද ජංගම දුරකථනයද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමටද අවසර ලබා දුන්නේය.

අතවරයට පත් සිසුවාගේ මව හා පියා විදේශගතව සිටින අතර පහළොස් හැවිරිදි සිසුවා මවගේ සොයුරියගේ( පුංචි අම්මාගේ) නිවසේ සිට අධ්‍යාපන කටයුතුවල නියැලී ඇත.

ඉකුත් මස 5 වැනි දින පුංචි අම්මා නිවසින් බැහැරව ගිය අවස්ථාවේදී  සැකකාර ගුරුවරිය සිසුවා සොයා එම නිවසට ගොස් තිබූ අතර පුංචි අම්මා යළි නිවසට එන අවස්ථාවේදී සැකකාර ගුරුවරිය  නිවසේ සාලයේ සැටිය මත වාඩි වී සිසුවාගේ මුහුණ සිඹිමින් සිට  ඇති අතර එය ඇය විසින් නොදැක්කා සේ නිවස තුලට ගොස් මද වේලාවකදී විදේශගතව සිටින සිසුවාගේ මව ට ඒ බව (සොයුරියට) දැනුම් දී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

ඊට අමතරව සිසුවාගේ පුංචි අම්මා විදේශගතව සිටින සොයුරියගේ දැනුම්දීම මත  සිසුවා පරිහරණය කරන ලද ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී” සුදු ඔයාව දකින්නෙ නැතුව මට ඉන්න බෑ”” ඔයා ගාව හරි සුවඳයි” ආදී වශයෙන් ලිංගික ආශාවන් ඇතිවන ආකාරයේ ආදර වදන් කෙටි පණිවිඩ මගින් ගුරුවරිය විසින් සිසුවගේ ජංගම දුරකතනය වෙත යොමු කර තිබූ බවට විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී තිබිණි.

ඒ බව සිසුවාගේ මවට සොයුරිය දැනුම් දීමත් සමගම ඇය විදේශ රටේ සිට මෙරටට දින කිහිපයක් තුළදී පැමිණ හොරණ අධ්‍යාපන කලාපයට මෙන්ම පොලිසියට ද පැමිණිලි කිරීමට කටයුතු කර තිබිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28