14 වන ලියෝ පාප්වහන්සේට ධීවරයාගේ මුද්ද පිළිගන්වයි (ඡායාරූප)

14 වන ලියෝ පාප්වහන්සේ වෙනුවෙන් නිර්මාණය කළ ධීවරයාගේ මුද්ද හෙවත් පිස්කැටරි මුද්ද අද (18) පාප් වහන්සේ වෙත පිළිගන්වා තිබෙනවා.

පාප් පදවියේ සමාරම්භක දිව්‍ය පූජාව අතරතුර කාදිනල් ලුයිස් ඇන්ටෝනියෝ ටැගල් විසින් මෙම නව පිස්කැටරි මුද්ද 14 වන ලියෝ පාප් වහන්සේ වෙත පිළිගන්වා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ධීවරයාගේ මුද්ද අවම වශයෙන් 13 වන සියවසේ සිට පාප් පදවියේ සංකේතවල කොටසක් වී තිබෙනවා.

1842 වන තෙක් පාප් වහන්සේ විසින් අත්සන් කරන ලද නිල ලේඛන මුද්‍රා තැබීම සඳහා එය මුද්‍රා මුද්දක් ලෙස භාවිත කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පාප් පදවියට පත්වූ සෑම පාප්වහන්සේ නමක් වෙනුවෙන්ම වෙන්වූ පිස්කැටරි මුද්දක් නිර්මාණය වී තිබෙනවා.

පාප් වහන්සේ කෙනෙක් ස්වර්ගස්ථ වූ පසු මෙම ධීවරයාගේ මුද්ද කාදිනල්වරුන් ඉදිරියේ කැමර්ලෙන්ගෝ විසින් විනාශ කරනු ලබනවා.

මෙම ධීවරයාගේ මුද්ද පාප් බලය සහ වගකීම පිළිබඳ සංකේතයක් වන අතර,මෙය එහි අනිසි භාවිතය වළක්වන අතර පාප්තුමාගේ අධිකාරියේ අවසානය සංකේතවත් කරනවා.

වතිකානුවේ උත්තරීතර පාප්තුමාගේ පූජනීය උත්සව සඳහා වූ කාර්යාලය, විසින් අද (18)දින සිය පදවි ප්‍රාප්ති පූජාව අතරතුර 14 වන ලියෝ පාප් වහන්සේට ලබාදුන් නව ධීවර මුද්දෙහි රූපයක් නිකුත් කර තිබෙනවා.

2 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?