අළුබෝමුල්ල පොලිස් වසමේ මහාබෙල්ලන ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ මත්ද්‍රව්‍ය භාවිත කරමින් ෆේස්බුක් සාදයක් පවත්වන බවට ඊයේ (14) අලුයම් කාලයේ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
එහිදී සිදුකළ වැටලීමක දී ගංජා හා හෑෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හා අනන්‍යතාව තහවුරුකර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් සැකකරුවන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20ත් 28ත් අතර, වයස්වල පසුවන බණ්ඩාරගම, පොකුණුවිට, මිල්ලනිය, හල්තොට, ඉංගිරිය හා පරගස්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් අළුබෝමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1
4





