spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෆේස්බුක් පෙම 24 හැවිරිදි තරුණියගේ දිවි අහිමි කරයි

50 හැවිරිදි ධනවත් විවාහක සංචාරක හෝටල් හිමියකු 24 හැවිරිදි පෙම්වතිය සමඟ මුහුණු පොතින් පෙම් සබඳතා පවත්වා ඇය සමඟ සමීපව ලිංගිකව හැසුරුණු ආකාරය අන්තර්ජාලයට මුදාහරින බවට ඔහු කළ තර්ජනය නිසා එම පෙම්තිය එල්ලී දිවි හානිකර ගැනීමේ සිද්ධියක් මීගමුව පොලිසියෙන් වාර්තා විය.

මීගමුව වැල්ලවීදියේ පදිංචිව සිටි තරුණිය වසර කීපයක් සංචාරක හෝටල් හිමියා සමග සම්බන්ධතා පවත්වා තිබේ. එහිදී ඔවුන් ඉතා සමීප සබඳතා පවත්වා ඇත. පසුව තරුණිය හදිසියේ තම නිවසේ එල්ලී දිවි හානිකර ගෙන ඇත.

ඇගේ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ඇය ඇඳ සිටි තිසරපටය තුළ සගවා තිබූ ලිපියක් හමුවී ඇත. එම ලිිපියේ සඳහන්ව ඇත්තේ ඔවුන් දෙදෙනා ලිංගිකව එක්වූ ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට පෙම්වතා සඳහන් කළ බවත් ඒ පිළිබඳව තමා දැඩි කලකිරීමට පත්ව ඇති බවත්ය.

දිවි හානිකර ගත් තරුණිය අවස්ථා ගණනාවකදී ලිංගිකව හැසිරී ඇති බව වෛද්‍ය පරීක්‍ෂණවලින් හෙළිදරව් වී ඇත. ඒ අනුව පොලිස් විමර්ශනවලදී දිවි නසාගත් තරුණියගේ පෙම්වතා 50 හැවිරිදි දෙදරු පියකු වන මීගමුව කුඩාපාඩුව මෙන්ඩිස් මාවතේ පදිංචි ශ‍්‍රීලාල් ප‍්‍රනාන්දු නමැත්තකු බවට හෙළිදරව් වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?