spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෆේස්බුක් පෙම්වතිය දුරකතනයෙන් හාදුවක් නොදුන්නැයි 17 හැවිරිදි සිසුවා ගෙල වැළලාගෙන

ෆේස්බුක් මගින් හදුනාගෙන මාස හතරක පමණ කාලයක් පෙම්වතුන් සේ දුරකථනයෙන් ඇසුරුකල දෙදෙනෙකුගෙන් පෙම්වතා දුරකථනයෙන් හාදුවක් ඉල්ලූ අවස්ථාවේ පෙම්වතියගෙන් ප්‍රතිචාරයක් නොවුයෙන් සිත්තැවුලට පත් වු පෙම්වතා නිවස තුළදී ගෙල වැළලාගෙන ජිවිතක්ෂයට පත් වි ඇත.

වැලිවේරිය ප්‍රදේශයේ තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගොස් ඇත්තේ දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක 17 හැවිරිදි වැඩිමහල් දරුවාය. වැලිවේරිය පොලිසිය පවසන අන්දමට මෙම තරුණයා පසුගිය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇති අතර මාස 7ක පමණ කාලයක සිට ෆේස්බුක් මගින් දැන හඳුනාගත් කළුතර ප්‍රදේශයේ දාසය හැවිරිදි පාසල් සිසුවියක් ඇසුරු කොට තිබේ තරුණයාව මියයාමෙන් පසුව පරීක්ෂණ ඇරඹූ පොලීසිය තරුණියගේ දුරකථනය අංකය සොයා ගනිමින් ඇයගෙන් කල ප්‍රශ්න කිරිමේදි අනාවරණය වී ඇත්තේ කිසිදු දිනෙක දැක නැති මෙම තරුණයා මියගිය දින කතාබහ කරමින් සිටියදි හාදුවක් දෙන්නැයි පැවසු බවත් එම අවස්ථාවේ තරුණිය අත තිබු දුරකතනය බිම වැටුණු බවත්ය.

පසුව ඇමතුමක් ලබා දීමට අදහස් කොට සිටියත් ඊට අවස්ථාවක් නොවු බවත් තරුණිය පවසා ඇත
පොලිසිය සැකකරන අන්දමට හාදුවක් ඉල්ලීම නිසා තරුණිය උරණවි යැයි සිතා සිත්තැවුලට පත්ව තරුණයා මෙලෙස ගෙල වැළලාගෙන ඇති බවයි. කිසි දිනෙක දැක නැති තරුණියකට පෙම් කිරීමට ගොස් වටිනා තරුණ ජිවිතයයක් මෙලෙස අහිමි කර ගැනීම සම්බන්ධයෙන් වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත පුෂ්පකුමාර මහතා පවසා සිටියේ පාසල් යන වයසේ නො දරුවන් ප්‍රේම සම්බන්ධතා අම්මෝ පැවැත්විය යුතු බවයි ෆේස්බුක් මගින් මං මුලාවී නොදුටු මුහුණක් නිසා තරුණ ජීවිතයක් මෙලෙස අකාලයේ අවසන් වීම ඉතා ඛේදනීය තත්ත්වයක් බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?