ෆේස්බුක් පෙමක පැටලුනු තරුණියක් අභිරහස් ලෙස මියයයි

බලන්ගොඩ, මස්සැන්න, හෙලකන්ද ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ තිබී සැකසහිත ලෙස මියගිය තරුණියකගේ සිරුරක් ඊයේ (20 වැනිදා) සොයගත් බව බලන්ගොඩ පොලිසිය පැවැසීය.

මුල්පනාන, කන්තලේ පදිංචිව සිටි හේරත් මුදියන්සේගේ දුෂානි ප්‍රියන්කා නමැති අවිවාහක තරුණියක මෙලෙස මියගොස් ඇත. බලන්ගොඩ, මස්සැන්න, හෙලකන්ද ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයකු සමග ඇය මුහුණු පොත මගින් ප්‍රේම සබඳතාවක් ඇතිකර ගෙන තිබේ.

මීට දින 12කට පෙර ඇය බලන්ගොඩ පදිංචි අදාළ තරුණයා සමග ඔහුගේ නිවසේ ජීවත්ව සිට ඇති නමුත්, ඒ වනවිටත් ඔවුන් දෙදෙනා විවාහවී සිට නොමැත.

පෙරේදා (19 වැනිදා) රාත්‍රියේ එම තරුණයා නිවසේ සිට නොමැති අතර, ඔහුගේ මව එම තරුණියට රාත්‍රි ආහාර ගැනීමට කතාකර ඇතත්, ඇය සිටි කාමරය වසා තිබී ඇත.

පසුව එම තරුණයාගේ සහෝදරයා ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව අදාළ කාමරයේ දොරගුළු කඩා තිබේ. එවිට ඇය කඹයකින් එල්ලී සිටිනු දුටු බවත් ඇය බේරාගැනීම සඳහා කඹය කපා ඉවත් කළ බවත් තරුණයාගේ මව පොලිසියට පවසා ඇත.

නමුත්, සිරුර පරික්ෂා කිරීමේදී බෙල්ලේ කඹයක්⁣ නොතිබුණ බව පොලිසිය පැවැසීය. බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඩී.එම්. චන්ද්‍රසේන විසින් ඒ පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර, බලන්ගොඩ මූලික රෝහලේ අධිකරණය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චතුරංග විසින් අධිකරණ වෛද්‍ය පරික්ෂණය පැවැත්වීය.

රත්නපුර අපරාධ පරික්ෂණ කොට්ඨාසයේ නිලධාරින් විසින් ස්ථානීය පරික්ෂණය සිදු කළ අතර,පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (20 වැනිදා) බලන්ගොඩ මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50