ෆින්ලන්තය අද, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානය සමඟ සම්බන්ධ වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ෆින්ලන්තය ‘නේටෝ’ සංවිධාන සාමාජිකත්වය ගත් 31 වන රට බවයි එහි මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සඳහන් කළේ.
සඳුදා (ඊයේ) පැවති මාධ්‍ය හමුවකදී ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කළේ, “මෙම සතිය ඓතිහාසිකයි. ෆින්ලන්තයේ ආරක්ෂාවට සහ අපගේ සන්ධානයේ ශක්තිය වැඩි කිරීමට හෙට, ෆින්ලන්තය නේටෝවේ 31 වන සාමාජිකයා බවට පත් වනු ඇති.”
2022 වර්ෂයේ දී මිත්‍ර රටවල් ෆින්ලන්තයට සහ ස්වීඩනයට ‘නේටෝ’ සංවිධානය වෙත එක්වන ලෙස ආරාධනා කළා.
එම ආරාධනය පිළිගත් ෆින්ලන්තය එහි සාමාජිකත්ව සඳහා අයදුම්පතක් යොමුකරනු ලැබුවා.
ඒ අනුව ‘නේටෝ’ සංවිධානයේ ඉතිහාසයේ වේගවත්ම අනුමත කිරීමේ ක්‍රියාවලිය ලෙස ෆින්ලන්තයට එහි සාමාජිකත්වය ලබාදීමටයි තීරණය කළේ.














findland gana liyala dala tiyenne Sweden kodiya danne nattnam loke kodi kolayak aragena igena gena madya karanna
mulu lokenma sathutin inna minissu siti no1 rata wadikal ynna kalin lokenma bayen duken saken inna palamu rata bawata path wena eka sure