ළිඳක් යැයි කියා රහසේ උමගක් තනා පන්සලේ නිධානය ගන්න ගිහින්

කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේ නිධානයක් ගැනීම සඳහා කැණීම් කළ බව කියන තිදෙනෙකු පොලිසිය ඊයේ (3) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කුරුණෑගල මල්කඩුවාව බමුණාවල ප්‍රදේශයේ නිවසක් අසල මෙලෙස අඩි 40ක් පමණ ගැඹුරට කපා තිබුණේ ළිඳක් හාරන බවට පවසමින්.

මේ පිළිබඳව සැකසිතු ප්‍රදේශවාසීන් කුරුණෑගල පොලිසිය සහ කුරුණෑගල විශේෂකාර්ය බලකා නිලධාරීන් දැනුවත් කළ අතර, පසුව ඔවුන් අදාළ ස්ථානයට පැමිණියේ ඒ පිළිබඳව නිරීක්‍ෂණය කිරීම සඳහායි.

එහිදී දැක ගැනීමට හැකිවුණේ අඩි 40ක් ගැඹුරට හාරා පසුව එතැන් සිට දකුණට යළිත් අඩි 40ක් පමණ දිග උමඟක් හරා ඇති බවයි.

බමුණාවල රජමහා විහාරය පිහිටි දෙසට මෙම උමග හාරා තිබූ අතර, නිධානයක් ගැනීම සැකකරුවන්ගේ අරමුණ වී ඇති බවයි පොලිසිය සැක කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?