ළමා ආරක්ෂණය පිළිබඳ කමිටු වාර්තාව ජනපතිට

මෙරට දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණින් ළමා ආරක්‍ෂාව පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබෙනවා.

ඊයේ (03) පස්වරුවේ එය භාර දෙනු ලැබුවේ ජනාධිපති කාර්යාලයේ දීයි.

විවිධ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වූ දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ සමස්ත සුබසාධනය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2023 අප්‍රේල් 19 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පිහිටුවනු ලැබුවා.

“දිරි පියස” භාරකාර අරමුදලේ සහ ඇග්‍රොමාර්ට් අවුට්රිච් පදනමේ හිටපු සභාපතිනී නීතීඥ ඒ. කේ. වීරතුංග මහත්මියගේ සභාපතිත්වයෙන් යුතුව පත් කළ මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු, කැනඩාවේ ගෝලීය විශ්වවිද්‍යාල සේවයේ අධ්‍යක්ෂ මුම්ටාස් ෆලීල්, පොලිටික්ස් එස්එල්කේ ආයතනයේ උපායමාර්ගික විශේෂඥ මලිතී හේරත්, කාන්තා විද්‍යාලයේ හිටපු විදුහල්පති සහ අධ්‍යාපන විශේෂඥ නිර්මාලි වික්‍රමසිංහ, වෛද්‍ය දිල්ශානී බෝගොල්ලාගම, පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ළමා ආරක්ෂණ සංවර්ධන සහ විශේෂ අවශ්‍යතා වැඩසටහනෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආසිරි හේවමල්ගේ, හේමාස් අවුට්රිච් පදනමේ විධායක අධ්‍යක්ෂ ශිරෝමි මාසකෝරාළ, “සේව් ද චිල්ඩ්‍රන්” හි ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක බුද්ධිනී විතාන, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ විද්‍යාල කවුන්සිලයේ සාමාජික වෛද්‍ය අස්විනි ඩී. ප්‍රනාන්දු සහ යුනිසෙෆ් ආයතනයේ ළමා ආරක්ෂණ විශේෂඥ, නීතීඥ හා වෛද්‍ය හේමමාල් ජයවර්ධන යන මහත්ම මහත්මීන් කටයුතු කරනවා.

විෂය ක්ෂේත්‍රය ආශ්‍රිතව පවතින ගැටලු පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට සහ ප්‍රායෝගික නිර්දේශ සකස් කිරීම සඳහා පසුගිය මාස පහකට ආසන්න කාලය තුළ මෙම කමිටුව සාකච්ඡා වාර 21ක් පවත්වමින් කරුණු විමර්ශනය කළා.

ආයතනික පරිසරයන්, මාපිය රැකවරණය නොමැතිකම, පවුල් විරසකවීම, සමාජ මධ්‍ය භාවිතය, ළමා ශ්‍රමය ආදී ගැටලු මෙන්ම ළමා ආරක්‍ෂාව පිළිබඳ පුළුල් පරාසයක පවතින කරුණු පිළිබඳව මෙම වාර්තාවෙන් අවධානය යොමු කර තිබෙනවා.

එසේම නවීන සමාජයේ පවතින ඉල්ලීම් සපුරාලීම ඉලක්ක කර ගනිමින් ළමා ආරක්ෂාව සඳහා පවතින ආයතනික, පරිපාලන සහ නෛතික ආරක්‍ෂාවන්හි ප්‍රමාණාත්මකභාවය ද එහිදී ඇගයීමට ලක් කර ඇති බව සඳහන්.

තවද, විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයට, අපයෝජනයට සහ නොසලකා හැරීම්වලට මුහුණ දුන් දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහා වූ උපාය මාර්ග පිළිබඳව ද මෙම වාර්තාව මගින් නිරීක්ෂණයට ලක්කර තිබෙනවා. එමඟින් ළමයින් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට යොමුවන ප්‍රවණතාවය පිළිබඳව අධ්‍යයනයට ලක්කර ඇති අතර ළමා ආරක්ෂණ මුලපිරීම් වෙනුවෙන් ප්‍රජා සහභාගීත්වය සඳහා ගත යුතු නව්‍ය ප්‍රවේශයන් පිළිබඳව ද අධ්‍යයනය කර තිබෙනවා.

ළමුන් සඳහා සිදු කරන ආයතනිකගත ආරක්ෂණය අවම කිරීම සහ පවුල් පාදක ආරක්ෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව ද කමිටුව අවධානය යොමු කර තිබෙනවා.

මීට අමතරව, විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පරිවාස නිවාසවල, රැඳවුම් මධ්‍යස්ථානවල සහ රජයේ අනුමත විශේෂ පාසල්වල සිටින ළමුන් සාර්ථක ලෙස නැවත සමාජගත කිරීමේ අරමුණින් “ප්‍රතිසාධන පුනරුත්ථාපන ක්‍රියාවලියක්” පිළිබඳව ද මෙම වාර්තාවෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ජීවන කුසලතා සංවර්ධනය සහ පුද්ගල ආරක්ෂණ සැලසුම් කෙරෙහි අවධානය යොමු කරමින් ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සිටින දරුවන් සාර්ථකව සමාජගත කිරීම සඳහා වන නිර්දේශ ද මෙහි ඇතුළත්.

ළමුන් විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට නිරාවරණය වන සාධක වැළැක්වීම සහ අවම කිරීම, එවැනි දරුවන් මුහුණ දෙන ප්‍රතිවිපාක හඳුනාගැනීම සහ වාර්තාකරණය, කළමනාකරණය සහ ප්‍රතිචාර යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ප්‍රතිපත්ති හා නිර්දේශ ද මෙහි ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21