ළමා අපයෝජන නඩුවල සාක්ෂි සටහන් කරගැනීමට වීඩියෝ තාක්ෂණය

දිවයිනේ විවිධ අධිකරණවල දැනට විභාග වෙමින් හා විභාගවීමට නියමිත ළමා අපායෝජන නඩු ඉතා කඩිනමින් අවසන් කිරීමටත්, වින්දිතයින් යළි යළිත් පීඩාවට පත් නොවීම සඳහා අදාළ සාක්ෂි සටහන් කර ගැනිමට වීඩියෝ තාක්ෂණය යොදා ගැනිමේ නව වැඩසටහනක් මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, අනුව වීඩියෝ සාක්ෂි සටහන් කර ගැනිමේ තුන්වන මධ්‍යස්ථානය පසුගිය දා ගාල්ල – කරාපිටිය වෛද්‍ය පිඨයේ ස්ථාපිත කරනු ලැබුවා.

මේ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කරනු ලැබුවේ රුහුණු විශ්ව විද්‍යාලය සහ ළමා ආරක්ෂණ අධිකාරිය අතරයි.

රුහුණු විශ්ව විද්‍යාලය වෙනුවෙන් කරාපිටිය වෛද්‍ය පීඨාධිපති මහාචාර්ය තිලක් වීරරත්න, ළමා ආරක්ෂන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර මෙම අවබෝධතා ගිවිසුමට මෙහිදී අත්සන් කරනු ලැබුවා.

මේ වනවිට ළමුන් සම්බන්ධ මෙවැනි නඩු 5000-6000 අතර ප්‍රමාණයක් අධිකරණවල විභාග වෙමින් සහ විභාගවීමට නියමිතව ඇති බව ද මෙහිදී අනාවරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?