“ළඟම කෙනෙක් අහිමි වෙන දුක මං දන්නවා” – ඇමතිනිය සංවේදීව වෙයි

කොරෝනා වෛරසය ආරක්ෂා වෙන ලෙස තමන් නැවත වතාවක් ජනතාවගෙන් ඉල්ලා සිටින බව වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වන වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටිනවා.

රෝගය කෙතරම් කලමණාකරණය කරගත්තත් රෝගය වැළැඳීමට ඉඩ ඇති බව පවසන අමාත්‍යතුමිය සඳහන් කර සිටියේ මුව ආවරණ නිතරම පළඳින ලෙසත්, මීටරයක පරතරය තබාගන්නා ලෙසත්, අත් පිරිසුදුව තබාගෙන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසයි.

අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවසෙන් පිටතට නොයන ලෙස පැවසූ අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම කටයුත්ත සෙනඟ අඩුවෙනකන් සිට කරගන්නා ලෙසයි. 

මෙම රෝගය වළක්වා ගත හැක්කේ ජනතාවට පමණක් බවත්, ආණ්ඩුව කෙතරම් නීතිරීති ගෙනාවත්, ආණ්ඩුව මොන දේ කළත් ආණ්ඩුව මෙය කළ නොහැකි බවද අමාත්‍යවරිය පවසා සිටියා. 

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය පවසා සිටියේ,

“තමන්ගේ නිවසට ලෙඩ රෝග ගේන්න එපා, විෂ බීජය ගේන්න එපා. බැරිවෙලාවත් ගෙදරට විෂ බීජය ගෙනාවොත් තමන්ගේ මහලු අම්මා තාත්තාට මේක අවදානමක් වෙන්න පුළුවන්, මිය යන්න පුළුවන්. තමන්ගේ ගර්භනී සහෝදරියට, භාර්යාවට අවදානමක් වෙන්න පුළුවන්, මිය යන්න පුළුවන්. තමන්ගේ ගෙදර ඉන්නවා නම් දියවැඩියාව තියෙන, පිළිකා තියෙන, වකුගඩු රෝගයක් තියෙන ඒ අයට මාරාන්තික වෙන්න පුළුවන්.”

මෙවැනි දෙයක් සිදුවුවහොත් එයින් ඇති වෙන දුක වේදනාව ජීවිතය පුරාවට ඇතිවන්නේ තමන්ගේ පවුලේ අයට සහ තමන්ටම බවත් අමාත්‍යවරිය පවසා සිටි අතර වෙන අයට එම පාඩුව නොදැනෙන බවද සඳහන් කළා.

“එහෙම වේදනාවක් විඳපු කෙනෙක් හැටියට මං දන්නවා, තමන්ගේ කෙනෙක් නැති වුණාම, අහිමි වීමේ වේදනාව.. ඒ නිසා පවුලේ අයව ආරක්ෂා කරගන්න වගකීමෙන් වැඩ කරන්න” යැයිද අමාත්‍යවරිය විසින් සංවේදීව ජනතාවගෙන් ඉල්ලීමක් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40