ගිනිඅවි අතැතිව අද (10) දහවල් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ල කා තිබෙනවා.
යතුරුපැදි දෙකකින් පැමිණි මෙම කොල්ලකරුවන් එම අලෙවිසැලේ තිබූ රුපියල් ලක්ෂ 03ක මුදලක් සහ මුදු 36ක් හා පෙන්ඩන්ට් 48ක් රැගෙන ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් අලෙවිසැලට ඇතුළු වී ඇති කොල්ලකරුවන් දෙදෙනා අලෙවිසැලේ සේවකයන්ට පිස්තෝලයක් පෙන්වා මෙම කොල්ලය සිදුකර තිබෙනවා.
කොල්ලකරුවන් පැමිණි යතුරුපැදිවල ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවයි හෝමාගම පොලිසිය පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
1
+1
+1
2
+1
+1













