හොර ලියකියවිලි සාදා බදු දීමේ සිද්ධියකට මහින්ද හා රන්ජන්ට එරෙහිව වැඩ වරදියි?

ව්‍යාජ ලියකියවිලි සකස් කර ගොඩනැගිල්ලක් බදු දීම සම්බන්ධයෙන් නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහගෙන් සහ කඩුවෙල නගරාධිපති ලෙස තේරී පත් වූ රන්ජන් ජයලාල්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කර තිබෙනවා.

වෘත්තීය සමිති ජාතික කම්කරු ආයතනයට අයත් ගොඩනැගිල්ලක් රුපියල් මිලියන 3.6කට වංචනික ලියකියවිලි භාවිත කරමින් වෘත්තීය සමිති නිලධාරීන් බව පවසමින් සැකකරුවන් විසින් බදු දී ඇති බවට චෝදනා ගොනු කරමින් මෙම නඩුව පවරා ඇති බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කරන ලෙස අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීම සඳහා ජයසිංහගේ සහ ජයලාල්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළා.

අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් දැනට ලබාගෙන ඇති ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ඇය වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළා.

විමර්ශනයේ දී අනාවරණය කරගත් ලේඛන ඉදිරිපත් කරන ලෙස ද පොලිසියට නියෝග කළා.

ගොඩනැගිල්ලේ ඔප්පුව සහ නීතිමය තීන්දුවල පිටපත් ද ඒවාට ඇතුළත් විය යුතු බව ද එම නියෝගයේ සඳහන්.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අමාත්‍ය සමරසිංහ නඩුවේ සැකකරුවකු ලෙස නම් කරන ලෙසයි.

මහේස්ත්‍රාත්වරයා තීන්දුව ජූලි 25 වැනි දින දක්වා කල් දැමූ අතර, නියෝගය කෙටුම්පත් කිරීම සඳහා අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රකාශය අධිකරණයට භාර දෙන ලෙස නියෝග කළා.

නීතිඥ කිසාල් සේනානායක සහ ඉෂාඩ් ෂබ්දීන්ගේ සහාය ඇතිව ජනාධිපති නීතිඥ ගුණරත්න අධිකරණයට පැවසුවේ, කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති වෘත්තීය සමිතියට අයත් ගොඩනැගිල්ල බදු දීමට අමාත්‍ය වසන්ත සමරසිංහ, සිරිල් ආනන්ද නම් පුද්ගලයකු සමඟ එක් වූ බවයි.

පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද පළමු බී වාර්තාවල මෙම කරුණු පැහැදිලිව සඳහන් කර ඇති බව ඔහු පැවසුවා.

නඩුව ජූලි 25 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
25
+1
8
+1
80
+1
5
+1
4
+1
9
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30
Video thumbnail
නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ නෑ ඊළඟ ආත්මෙවත්
02:48
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03