හොර පොලිස් හැඳුනුම්පතක් යොදාගෙන හිටපු කොස්තාපල් අයිස් බෙදලා

අයිස් මත්ද්‍රව්‍ය සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද පොලිස් නිල හැඳුනුම්පතක් සමඟ හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල – තෙලියගොල්ල දේවස්ථානය අසලදීයි.

මෙම සැකකරු කුරුණෑගල, දොරටියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 470ක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

මෙම සැකකරු පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස 2020 සැප්තැම්බර් මස 09 වනදා පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ඇති අතර, 2023 ඔක්තොම්බර් මස 10 වනදා සොරකම් කිරීමේ සිද්ධියක් හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවා ඇති බවයි අනවරණය වී ඇත්තේ.

සැකකරු තමා සතුව තිබූ ව්‍යාජ පොලිස් නිල හැඳුනුම්පත භාවිත කරමින් මත්කුඩු ජාවාරමේ නිරත වී ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කුරුණෑගල පොලිස් ස්ථානයට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30
Video thumbnail
නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ නෑ ඊළඟ ආත්මෙවත්
02:48
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03