හොරෙන් ගෙනා පිඹුරන් විකුණන්න යද්දි පොලීසියට මාට්ටු

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ විදේශීය පිඹුරන් සිව් දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ ගැට කිඹුලෙකු සමග පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ආනයනය කර, විකිණීම සඳහා වත්තල ප්‍රදේශයේ සුරතල් සතුන් අලෙවි මධ්‍යස්ථානයක සඟවා ගෙන සිටි අලෙවිසැලේ හිමිකරු සහ එහි සේවකයින් දෙදෙනෙක් අද (21) අත්අඩංගුවට ගත් බවයි.

බම්බල් බී, ස්පයිඩර් කැළිපර් සහ බනානා යන වර්ගවලට අයත් පිඹුරන් පිරිමි සතුන් දෙදෙනෙකු සහ ගැහැණු සතුන් දෙදෙනෙකු මෙලෙස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සැක පළ කරන්නේ මොවුන් ගුවන් මගින් සිය ගමන් මලු තුළ බහා මෙරටට ගෙන එන්නට ඇති බවයි.

මෙම සතුන් දෙහිවල සත්වෝද්‍යානය වෙත යොමු කර ඔවුන් පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
4
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?