හොරෙන් කජු කඩන්න ආ පුද්ගලයෙක් වෙඩි කා මරුට

වායු රයිෆලයකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලිසිය පවසනවා.

අද (09) අලුයම 1.30 ට පමණ වනාතවිල්ලුව, කරතිව් ප්‍රදේශයේ දී කජු ඉඩමක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ අතුකෝරලගේ ප්‍රදීප් සුසන්ත නැමැති වයස අවුරුදු 38ක පුද්ගලයෙක්.

හලාවත වැවිලි සමාගමට අයත් කරතිව් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් කජු අස්වැන්න නෙලා ගැනීම සදහා බදු පදනම මත කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් ලබා ගෙන තිබෙනවා.

එම කජු වගාව ආරක්ෂා කිරීම සදහා බදුකරු විසින් මුරකරුවන් යොදා තිබී ඇති අතර, අද (09) අලුයම් කාලයේ එම කජු වගාවට හොර රහසේ ඇතුළු වූ අයෙකුට මුරකරුවෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි එම පුද්ගලයා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

වනාතවිල්ලුව පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25