හොරාට විදුලිය ගත්ත රූපලාවන්‍ය ශිල්පිණිය අත්අඩංගුවට

නීති විරෝධී අයුරින් විදුලි සම්බන්ධතාවක් ලබාගෙන සිටි රූපලාවන්‍ය ශිල්පිණියක් අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව අලුත්ගම නගරයේ පවතවාගෙන ගිය රූපලාවන්‍යාගාරයකට මෙලෙස නීති විරෝධී අයුරින් විදුලිය ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට පත් කාන්තාව අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි තැනැත්තියක්.

ලංකා විදුලි පෞද්ගලික සමාගමේ අලුත්ගම ප්‍රධාන කාර්යාලයේ විමර්ශන ඒකකය අලුත්ගම පොලිසිය එක්ව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

සැකකාර කාන්තාව කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.