හෝටල් කාමරයක ලේ ගලන තුවාල සහිතව මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක්

හෝටල් කාමරයක නවාතැන් ගත් පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මිය ගොස් තිබෙනවා.

හික්කඩුව පොලිස් වසමේ ගාලු පාර, වෑවල ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන් ගත් වයස අවුරුදු 27ක පුද්ගලයෙකු එසේ මිය ගොස් ඇති බව සඳහන්.

හෝටලයේ කාමරයක සිටි මරණකරුගේ ප්‍රතිචාරයක් නොමැතිවීමෙන් හෝටල් කළමණාකාරිත්වය විසින් හික්කඩුව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් ඒම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භකර තිබෙනවා.

එහිදී පොලිසිය සහ හෝටල් සේවකයින් විසින් අදාල පුද්ගලයා නවාතැන් ගෙනසිටි කාමරයේ ජනේලයක් විවෘත කර බැලීමේදී ලේ ගලන තුවාල සහිතව නානකාමරය තුළ එම තරුණයා මියගොස් ඇති අයුරු දැක තිබුණා.

මරණකරු වරාගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ මහේස්ත්‍රාත් පරීක්ෂණ සඳහා සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..එක මිටට, දර ළිපට, පොල් කටුවට..ඉතිරිලා ගිහින් තියෙන එකෙන් දීපන්කෝ
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08