AFC Banner
AFC Banner
Empty Ad

හෝටල් කාමරයක ලේ ගලන තුවාල සහිතව මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක්

හෝටල් කාමරයක නවාතැන් ගත් පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මිය ගොස් තිබෙනවා.

හික්කඩුව පොලිස් වසමේ ගාලු පාර, වෑවල ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන් ගත් වයස අවුරුදු 27ක පුද්ගලයෙකු එසේ මිය ගොස් ඇති බව සඳහන්.

හෝටලයේ කාමරයක සිටි මරණකරුගේ ප්‍රතිචාරයක් නොමැතිවීමෙන් හෝටල් කළමණාකාරිත්වය විසින් හික්කඩුව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් ඒම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භකර තිබෙනවා.

එහිදී පොලිසිය සහ හෝටල් සේවකයින් විසින් අදාල පුද්ගලයා නවාතැන් ගෙනසිටි කාමරයේ ජනේලයක් විවෘත කර බැලීමේදී ලේ ගලන තුවාල සහිතව නානකාමරය තුළ එම තරුණයා මියගොස් ඇති අයුරු දැක තිබුණා.

මරණකරු වරාගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ මහේස්ත්‍රාත් පරීක්ෂණ සඳහා සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?