හෙට සිට සංචරණ සීමා වෙනස් වන හැටි මෙන්න

කොරෝනා ව්‍යාප්තිය හමුවේ පනවා ඇති සංචරණ සීමා අදත් ක්‍රියාත්මකයි.

හෙට අලුයම හතරට සංචරණ සීමා තහනම පනවා ඇති කාලය අවසන් වන බවයි රජය මීට පෙර ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් රජය දැනුම් දුන් පරිදි හෙට රාත්‍රී 11 සිට මේ මස 31 වනදා අලුයම හතර දක්වා රාත්‍රී කාලයේ මුළු දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර සංචරණ සීමා පනවා ඇති අවස්ථාවල මහජනතාව අත්‍යවශ්‍ය නොවන සංචාරවල නිරතවන්නේ දැයි සොයාබැලීම සඳහා කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල යුද හමුදා ක්‍ෂණික විහිදුම් යතුරුපැදි කාණ්ඩය මුර සංචාරවල  නිරතවනවා.

ඒ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් අනුවයි.

එමෙන්ම, සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළදී ප්‍රාදේශීය වශයෙන් එළවළු, පළතුරු ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට අවශ්‍ය නම් ප්‍රාදේශීය ලේකම් හෝ ග්‍රාම නිලධාරිවරයා හරහා ලබාගත් අවසර පතක් මගින් ඒවා අලෙවි කිරීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

මේ අතර ගතවූ පැය 24ක කාලය තුල සංචරණ සීමා උල්ලංඝණය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා මත පුද්ගලයන් 306 දෙනෙකු පොලිස් අත්අඩංගුවට තිබෙනවා.

නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා මත මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 9588ක්.

මෙම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර සංචරණ සීමා අද දිනයේත් ක්‍රියාත්මක වන අතර හෙට අලුයම 4ට එය ඉවත් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

අද දිනයේදීත් ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමයට හෝ නිවසින් බැහැර වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

හෙට දිනයේ සිට ලබන 31 වනදා දක්වා රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මකයි.

හෙට (17) හැඳුනුමුපත් අංක ක්‍රමය අනුව නිවසෙන් පිටවීමට අවස්ථාව හිමිවන අතර එහිදී ද ගමන් කළ හැකි වන්නේ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත පමණයි.

මේ අතර ඊයේ දිනයේ බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 14කදී පොලිසිය සහ යුද හමුදාව එක්ව කළ සෝදිසි මෙහෙයුම්වලදී වාහන 1826ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඒවායෙහි ගමන් කළ පුද්ගලයන් 3525ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී වාහන 42ක පැමිණි පුද්ගලයන් 92ක් පමණ පළාත් මායිම් අසලදී නැවත හරවා යවා ඇති බවයි පොලිසිය කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16