AFC Banner
AFC Banner
Empty Ad

හෙට සිට සංචරණ සීමා වෙනස් වන හැටි මෙන්න

කොරෝනා ව්‍යාප්තිය හමුවේ පනවා ඇති සංචරණ සීමා අදත් ක්‍රියාත්මකයි.

හෙට අලුයම හතරට සංචරණ සීමා තහනම පනවා ඇති කාලය අවසන් වන බවයි රජය මීට පෙර ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් රජය දැනුම් දුන් පරිදි හෙට රාත්‍රී 11 සිට මේ මස 31 වනදා අලුයම හතර දක්වා රාත්‍රී කාලයේ මුළු දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර සංචරණ සීමා පනවා ඇති අවස්ථාවල මහජනතාව අත්‍යවශ්‍ය නොවන සංචාරවල නිරතවන්නේ දැයි සොයාබැලීම සඳහා කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල යුද හමුදා ක්‍ෂණික විහිදුම් යතුරුපැදි කාණ්ඩය මුර සංචාරවල  නිරතවනවා.

ඒ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් අනුවයි.

එමෙන්ම, සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළදී ප්‍රාදේශීය වශයෙන් එළවළු, පළතුරු ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට අවශ්‍ය නම් ප්‍රාදේශීය ලේකම් හෝ ග්‍රාම නිලධාරිවරයා හරහා ලබාගත් අවසර පතක් මගින් ඒවා අලෙවි කිරීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

මේ අතර ගතවූ පැය 24ක කාලය තුල සංචරණ සීමා උල්ලංඝණය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා මත පුද්ගලයන් 306 දෙනෙකු පොලිස් අත්අඩංගුවට තිබෙනවා.

නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා මත මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 9588ක්.

මෙම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර සංචරණ සීමා අද දිනයේත් ක්‍රියාත්මක වන අතර හෙට අලුයම 4ට එය ඉවත් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

අද දිනයේදීත් ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමයට හෝ නිවසින් බැහැර වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

හෙට දිනයේ සිට ලබන 31 වනදා දක්වා රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මකයි.

හෙට (17) හැඳුනුමුපත් අංක ක්‍රමය අනුව නිවසෙන් පිටවීමට අවස්ථාව හිමිවන අතර එහිදී ද ගමන් කළ හැකි වන්නේ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත පමණයි.

මේ අතර ඊයේ දිනයේ බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 14කදී පොලිසිය සහ යුද හමුදාව එක්ව කළ සෝදිසි මෙහෙයුම්වලදී වාහන 1826ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඒවායෙහි ගමන් කළ පුද්ගලයන් 3525ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී වාහන 42ක පැමිණි පුද්ගලයන් 92ක් පමණ පළාත් මායිම් අසලදී නැවත හරවා යවා ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසත බෝපත නවම් පුන් පොහෝදා ධර්ම දේශනය - සජීවී ව
56:21
Video thumbnail
පුතානෝ - සීයා - සිරිසේන එකම වේදිකාවේ පෙරහැර බලනවා
02:20
Video thumbnail
මහියංගනය නගරය මැදට අලියෙක් කඩාවැදෙයි - නගරයම නොසන්සුන්
02:38
Video thumbnail
කසාද බැඳලා වෙඩින් ෆොටෝ ටික ගෙදර ගේන්න කලින් කසාදය - දෙදරලා ගිහින්
03:30
Video thumbnail
ලුණුයි බතුබතුයි කමු කියලා ඇවිල්ලා - නෝනව මැදපෙරදිග යවනවනම් - ඒ පිරිමයට කෂේරුකාවක් නෑ
04:07
Video thumbnail
මේ අයවැයෙන් බදු සහන දෙන්න වෙන්නේ නෑ - නියෝජ්‍ය ඇමති චතුරංග කියයි
05:37
Video thumbnail
ජනපතිගෙන් ලෝක නායකයන්ට ආරාධනාවක් #anurakumaradissanayake #npp #shortsvideo
00:20
Video thumbnail
පොලීසියෙන් ගුටි කා අවසන් ගමන් ගිය තරුණයාගේ නිසල දේහය නිවසට
01:37
Video thumbnail
ලංකාවේ ගිනි ගානට විකිණෙන වාහන ලංකාවට එන ඇත්තම මිල මෙන්න - Exclusive
02:48
Video thumbnail
ආණ්ඩුවට බනිනවට ගොවියන්ට හොඳටම තදවෙයි
06:38

?