මාර්තු 01 වැනිදා එනම් හෙට සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ධාවනය කලයුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
රුපියල් මිලියන 2600 ක වියදමෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකරනු ලැබුවේ රථවාහන තදබදය අවම කිරීම,මගී ප්‍රවාහන පහසුව,මගී ආරක්ෂාව ඇතුළු කරුණු ගණනාවක් මුල් කරගෙන නමුත් ඇතැම් බස්රථ එම මධ්‍යස්ථානය භාවිතයට නොගෙන ප්‍රධාන මාර්ගයේ බස් නවතා මගින් බැස්සවීම හා මගීන් ලබාගැනීම සිදුකරන බව ඇමතිවරයා පැවසුවා.
මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සාර්ථකත්වය සැලකිල්ලට ගෙන එහි දෙවන අදියර ලෙස කඩවත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකළ බවත් එහි කටයුතු 90% ක් අවසන් බවත් ඇමතිවරයා අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවා.

මාකඳුර නෙමෙයි මාකුඹුර