හෙට රෝහල්වල සායනවලට යෑමට සිටින අයට පණිවුඩයක්

හෙට (08) පැය 5ක වැඩ වර්ජනයක් පවත්වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි. 

රුපියල් 7,500ක කොවිඩ් අවදානම් දීමනාව අහෝසි කිරීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බව ඔවුන් පැවසීය.

ඒ අනුව හෙට උදෑසන 7 සිට දහවල් 12 දක්වා දිවයිනේ රෝහල්වල පැය 5ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඔවුන් සූදානමින් සිටී.