හෙට පෙන්ෂන් ගන්න රාජ්‍ය සේවකයින් ගැන තීරණයක්

වයස අවුරුදු 60 සම්පූර්ණ වන රාජ්‍ය සේවකයින් විශ්‍රාම යාම හමුවේ රාජ්‍ය සේවය තුලනාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා වන තීරණ ගැනීමට කමිටුවක් පසුගියදා පත් කරනු ලැබුවා.

හෙට (31) දිනයේ රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් විශ්‍රාම යාමට නියමිතව ඇති බැවින් එහිදී ඇති වන පුරප්පාඩු සම්බන්ධයෙන් සොයාබලා ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකිම අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවට පැවරි තිබෙනවා.

ඒ අනුව සීමිත නව බඳවා ගැනීම් සිදුකිරීමට අවශ්‍යව ඇත්නම් එම බඳවා ගැනීම් සඳහා වූ නිර්දේශ අදාළ කමිටුව විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට භාරදීමෙන් පසු ඒවා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.