බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු, ඌව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, මහනුවර, නුවරඑළිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් හෙට (10) පස්වරු 02.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
දෘශ්‍ය ලෙස සුර්යයා උතුරට ගමන් කිරීමේදී සුර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතින බවත්, හෙට (11) දින දහවල් 12:11 ට පොම්පරිප්පු, අනුරාධපුර, මිහින්තලේ, ගලෙන්බිඳුණුවැව, අග්බෝපුර සහ සේරු නුවර යන ප්‍රදේශ වලට හිරු මුදුන් වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.













