හෙට දක්වා කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට (18) පෙරවරු 10.30 දක්වා වලංගු වන පරිදි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දෙනවා.

මීගමුව සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් එම නිවේදනයේ සඳහන්.

මෙම වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රල ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බව සඳහන් වනවා.

එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල් නැගිටිලා සජිත්ගේ මුහුණටම කිව්ව දේ.. වැඩිම නිවාස නාස්ති කරපු පුද්ගලයා
05:00
Video thumbnail
අද දවස ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම - සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
01:29
Video thumbnail
මුළු විපක්ෂයම නැගිටෙයි - 22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
02:27
Video thumbnail
මවන තරම් යකෙක් මෙතන නෑ -සජිත්ගේ කතාවට ඇමති හර්ෂණගෙන් සැර උත්තරයක්
18:05
Video thumbnail
එදා බෝ#බ ගැහුවා, අද 22වන සංශෝදනය ගේනවා - මේකත් කාල බෝ#බයක්
08:13
Video thumbnail
සමුපකාර දේපළ ටික දේශපාලඥයින් කොල්ලකාලා
03:50
Video thumbnail
කුලී යතුරුපැදි රියදුරෙකු අවසන් ගමන් යැවූ පිය පුතු දෙපළ රිමාන්ඩ් කරයි
00:42
Video thumbnail
දුර ඉඳන් බලද්දී කෙසෙල්, ළඟට ගියාම ගංජා
01:10
Video thumbnail
හබරකඩ වෙ# තැබීමේ CCTV දර්ශන එළියට
01:14
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.018
00:00