හෙට අනිද්දාට ඉන්ධන නැතිවෙයි, ආහාර නැතිවෙයි කියලා බොරු බියක් ඇති කරගන්න ඕනේ නෑ – අගමැති

“වාරි සෞභාග්‍යා” වැඩසටහනේ දෙවැනි අදියර අරඹමින් කුරුණෑගල කොබෙයිගනේ මහවැව, මීගස්වැව ප්‍රතිසංස්කරණ කටයුතු අද (30) ආරම්භ කෙරුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යෙය් දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ එම වැඩසටහන ක්‍රියාත්මකය.

ඒ අනුව කුරුණෑගල කොබෙයිගනේ මහවැව, මීගස්වැව ප්‍රතිසංස්කරණ කටයුතු අද ආරම්භ කෙරුණු අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊට එක්වුණා.

“අපි දන්නවා අද දුෂ්කරතා රැසකට ජනතාව මුහුණදෙනවා. සමහරු හිතන් ඉන්නවා අපි මේවා දන්නේ නෑ කියලා. නොදන්නවා වගේ ඉන්නවා ද කියලත් අහනවා. ඒ නිසා තමයි අපි මේ වේලාවේ සර්ව පාක්ෂික සමුළුවක් පසුගිය දවසක කැඳවලා හැමෝගේම අදහස් අරගෙන මෙයින් ගොඩ එන විදියේ වේදිකායක් නිර්මාණය කරන්න අපි කටයුතු කළේ. කොවිඩ් වසංගතය අපි හිතලා නිර්මාණය කරපු එකක් නෙමෙයි. සමහරු ඒකත් අපි කරා කියලා ජනතාව උසිගන්වන්න හදනවා. අපි සුදානම් හැමවේලාවේ ම විරුද්ධ පක්ෂයේ වුණත් හොඳ ප්‍රායෝගික අදහස් අරන් ඉදිරියට යන්න.

රටේ දේශපාලනය විතරක් කරන වේලාවක් නෙමෙයි මේක. මේ වෙලාවේ හැමෝම රට ගැන හිතලා වැඩ කළ යුතු වෙලාවක් කියලයි මං විශ්වාස කරන්නේ. මේ නිසා සර්ව පාක්ෂික සමුළුවට නාපු අයටත් ඊළඟ වතාවේ එක්වන්නැයි කියලා අපි ආරාධනා කරනවා. අවුරුදු සමය ළඟ ළඟ එනවා, හෙට අනිද්දාට ඉන්ධන නැතිවෙයි. ආහාර නැතිවෙයි කියලා බොරු බියක් ඇති කරගන්න ඕනේ නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලගෙම කෙනෙක් නැති වෙනකල්ද බලාගෙන ඉන්නේ ?බිත්තර අවුරුදු ගණන් තියෙන්න පුළුවන්
06:10
Video thumbnail
මාලිමාවේ අසිතට මිලියන ගාණක නඩුවක් වැටෙනවා ?මෛත්‍රී ගුණරත්නගෙන් අසිතට අභියෝගයක්
05:59
Video thumbnail
සජබ සෙට් එකක් නාවලපිටියේදී මහජන පෙත්සමකට අත්සන් ගයි - "අපි හොරු අල්ලනවට විරුද්ධ නෑ"
02:24
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක්
00:40
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
00:41
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය පොරකකා නාමල් ළඟට එයි
01:04
Video thumbnail
ප්‍රභාට මහින්ද එදා ඔළුව නැමුවේ නෑ අද නාමල් නමන්නෙත් නෑ - ත්‍රස්තවාදී කණ්ඩායමක් අද රට කරන්නේ
11:13
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් Phone උස්සපු පොඩි කොල්ලා - කොල්ලගේ කෙරුවාව අතේ මාට්ටු ?
01:37
Video thumbnail
මාලිමාවේ අසිතගේ ප්‍රකාශයට ජනාධිපති නීතිඥ ශ්‍රීනාත්ගෙන් සැර පිළිතුරක් - අම්මා අප්පගේ බූදලයක් නෙවෙයි
07:45
Video thumbnail
කෝලිකුට්ටුව කැඩෙනවටත් විද්‍යාඥයෙක් ඉන්නවා කිව්වනේ මාලිමාවේ - පාර්ලිමේන්තු ශ්‍රමදානයට මමත් අහුවුණා
09:37