spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙටින් ඇරඹෙන සා.පෙළ විභාගයට විශේෂ පොලිස් ආරක්ෂාවක් (වීඩියෝ)

හෙට (29) දිනයේ ආරම්භවන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.

ඒ, අනුව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ජංගම සංචාර, පාමුර සංචාර සහ විශේෂ යතුරුපැදි සංචාර ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය මඟින් සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දී ඇති බවයි ඔහු පැවසුවේ.

මේ අතර විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ පිළිතුරු පත් එකතු කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1707ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම තමන් පදිංචි ස්ථානය ආසන්නයේ විභාග මධ්‍යස්ථානයක් පිහිටා ඇත්නම් එම විභාග කටයුතු බාධාවන අයුරින් කටයුතු නොකරන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

https://youtu.be/A_mlFlZ57so
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?