හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් විරෝධතා

බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළ ව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද (04) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

මෙම ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා බැලුණා.

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ: මෙම ඉල්ලීමට අදාළ ව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවත් එම විරෝධතා ලිඛිත ව ගොනු කිරීම සඳහා කල් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා මෙම ඇප ඉල්ලීම යළි ලබන 11 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
10
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?