පානදුර ප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකගේ බැංකු ගිණුමෙන් රුපියල් දෙකෝටි අට ලක්ෂයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරුවන් හතරදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, ජාඇල, මිනුවන්ගොඩ සහ ඒකල ප්‍රදේශවල පදිංචි 33, 34,45 සහ 46 යන වයස්වල පසුවන පුද්ගලයින් හතර දෙනෙක්.
විහාරාධිපති හිමියන් සිදුකළ පැමිණිල්ලක් අනුව දීර්ඝ විමර්ශනවලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
විහාරාධිපති හිමියන් පානදුර පෞද්ගලික බැංකුවක සිය ගිණුම පවත්වාගෙන යනු ලබන අතර, කලකට පෙර උන්වහන්සේගේ හැදුනුම්පත අස්ථානගතව ඇති බව ද වාර්තා වනවා..
සැකකරුවන් එම බැංකුවේම නාරම්මල ප්‍රදේශයේ ශාඛාවෙන් අවස්ථා කිහිපයක දී මුදල් සිය ගිණුම්වලට මාරුකරගෙන මුදල් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.














හාමුදුරුවෝ බදු ගෙව්වද? මිනිස්සුන්ගෙන් සල්ලි අරන් පුද්ගලිකව තියන් ඉන්නවා…මේවා තමයි මරුම හොරකම්
ඉස්සෙල්ලාම හොයන්න ඕනේ මුන්ට කොහොමද මෙච්චර සල්ලි කියලා. මොකෝ රස්සාවල් කරනවද
බුදුරජාණන් වහන්සේ සියල්ල හැර දමා නව දර්ශනය අවබොධ කර ගත්තා. උන්වහන්සේගේ අනුගාමි ගරු සංඝයා කෝටි ගණන් මුදල් බැංකුවේ දාගෙන . සාමාන්‍ය ගිහි පුද්ගලයන් කී දෙනෙකුට කෝටි 4 ක් තිබෙන බැංකු ගිණුම් තියෙනවා ද?