හිමිනමකගේ බැංකු ගිණුමෙන් කෝටි අටකට වැඩි සල්ලි ඇදලා – හතරක් අත්අඩංගුවට

පානදුර ප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකගේ බැංකු ගිණුමෙන් රුපියල් දෙකෝටි අට ලක්ෂයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරුවන් හතරදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, ජාඇල, මිනුවන්ගොඩ සහ ඒකල ප්‍රදේශවල පදිංචි 33, 34,45 සහ 46 යන වයස්වල පසුවන පුද්ගලයින් හතර දෙනෙක්.

විහාරාධිපති හිමියන් සිදුකළ පැමිණිල්ලක් අනුව දීර්ඝ විමර්ශනවලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

විහාරාධිපති හිමියන් පානදුර පෞද්ගලික බැංකුවක සිය ගිණුම පවත්වාගෙන යනු ලබන අතර, කලකට පෙර උන්වහන්සේගේ හැදුනුම්පත අස්ථානගතව ඇති බව ද වාර්තා වනවා..

සැකකරුවන් එම බැංකුවේම නාරම්මල ප්‍රදේශයේ ශාඛාවෙන් අවස්ථා කිහිපයක දී මුදල් සිය ගිණුම්වලට මාරුකරගෙන මුදල් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

  1. හාමුදුරුවෝ බදු ගෙව්වද? මිනිස්සුන්ගෙන් සල්ලි අරන් පුද්ගලිකව තියන් ඉන්නවා…මේවා තමයි මරුම හොරකම්

  2. බුදුරජාණන් වහන්සේ සියල්ල හැර දමා නව දර්ශනය අවබොධ කර ගත්තා. උන්වහන්සේගේ අනුගාමි ගරු සංඝයා කෝටි ගණන් මුදල් බැංකුවේ දාගෙන . සාමාන්‍ය ගිහි පුද්ගලයන් කී දෙනෙකුට කෝටි 4 ක් තිබෙන බැංකු ගිණුම් තියෙනවා ද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02