spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු සභාපතිවරයෙකු නිවසින් නෙරපීමට නියෝග

මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ නිව්ටන් කුලසූරිය පදිංචි නිවසින් නෙරපීමේ ආඥාවක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු කේසර සී.ඒ.සමරදිවාකර විසින් නිකුත් කර තිබෙනවා.

ඒ මිනුවන්ගොඩ – මීගමුව පාරේ අංක 87 දේපල සම්බන්ධයෙන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින්.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මිනුවන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා ලෙස කලක් කටයුතු කළ නිව්ටන් කුලසූරිය, දීර්ඝ කාලයක සිට අදාළ ස්ථානයේ පදිංචිව සිටි බවටයි අධිකරණයේ දී සඳහන් වුණේ.

අදාළ ඉඩම මිනුවන්ගොඩ නගර සභාව සතු ඉඩමක් වන අතර අදාළ ආඥාවට අනුව මිනුවන්ගොඩ නගර සභාවේ ලේකම්වරයා වෙත එම දේපල වහාම භාර දෙන ලෙසටයි නිව්ටන් කුලසූරිය වෙත දැනුම් දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?