හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙකු වසර 19කට පසු නිදොස් කොට නිදහස්

2004 වසරේ උසස් පොලිස් නිලධාරීන්ගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා සකස් කළ අසත්‍ය ලේඛන යොදා ගනිමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු රවටා වැඩ තහනම් කර සිටි පොලිස් කොස්තාපල්වරයකු යළි සේවයේ පිහිටුවීමට ක්‍රියාකල බවට චෝදනා ලබා සිටි උපසේවා පොලිස් මුලස්ථානයේ පිරිස් පාලන අංශයේ හිටපු ස්ථානාධිපති විජිත් වීරසිංහ විත්ති වාචක කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (26) නියෝග කළා.

විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් විත්ති වාචක නොකැඳවාම විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.

විත්තිකරු විසින් රවටන ලදැයි කියන මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරදිවාකර ඇතුළු සාක්ෂිකරුවන් හයදෙනෙකුගේ සහ සාක්ෂි ලේඛන හයක් ඉදිරිපත් කරමින් පැමිණිල්ල විසින් සාක්ෂි විභාගයක් සිදුකර තිබුණ ද චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු අධිකරණය හමුවේ කරුණු පෙන්වා දී තිබුණා.

විත්තිය විසින් ඉදිරිපත් කළ එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

2004 ජූලි 06 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී නැවත සේවයේ පිහිටවා නොමැති බව දනිමින් උප පොලිස් කොස්තාපල්වරයකු නැවත සේවයේ පිහිටු වන ලදයි අසත්‍ය ලේඛන සකස් කර එවක මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුකාභය සමරදිවාකර රවටා ඔහු අපකීර්තියට පත් කිරීම ඇතුළු අධි චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් 2008 වසරේ දී මෙම නඩුව ගොනු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් ජනාධිපතිට රිදෙන්නම දෙයි - ඔළුවෙන් හිටගෙන දැඟලුවත් අනුරට බෑ
10:21
Video thumbnail
කථානායකතුමා කොල්ලෙක් එක්ක සල්ලි අච්චු ගහනවා - මම දොර ඇරියා කියලා මිනිහාට මළ පැන්නා
03:47
Video thumbnail
අඹුසැමි යුවළක් එළොව යැවූ සැකකරු කොටුවෙයි
01:05
Video thumbnail
මේවා අයිතියි පැලවත්තට නෙමෙයි - කවුද හොරකම් කළේ..?
05:48
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11