හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර තිබු පෙත්සමට අද ලැබුණු තීරණය

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සමාව ප්‍රදානය කරන නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.

අදාල සමාව අභියෝගයට ලක් කරමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් යන මහත්වරු විසින් ගොනු කළ පෙත්සම් අද ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් යළි විභාගයට ගත්තා.

එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකාර දුමින්ද සිල්වා මහතාට සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය මුළුමනින්ම නීතියට පටහැනි බව සඳහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය යටතේ යම් පුද්ගලයෙකුට සමාව ප්‍රදානය කිරීමට පෙර නීතිපතිවරයාගෙන්, තීන්දුව ලබා දුන් විනිසුරුවරුන්ගෙන් හා අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ ලබා ගත යුතු බව පැහැදිලි ව සඳහන් කොට තිබුණද මෙම නඩුකරයට පාදක වන සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා එම ප්‍රතිපාදන අනුගමනය නොකළ බව පෙන්වා දුන්නා.

එබැවින් හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කළ සමාව නීතියට පටහැනි බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.

අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේදී හිටපු ජනාධිපතිවරයා නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කර තිබෙන බව පෙන්වා දුන්නා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ යම් පුද්ගලයකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයාට අභිමතානුසාරි බලයක් පැවරී තිබෙන බව පැහැදිලිව පෙනී යන බවත් ඔහු සඳහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යම් පුද්ගලයෙකුට පොදු සමාව ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා සතු විධායක බලය යටතේ නිකුත් කෙරෙන “නියෝගයක්” යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා එය අභියෝගයට ලක් කළ නොහැකි බවත් අවධාරණය කර සිටියා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන 30 වන දා තෙක් කල් තැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42