spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ජනපති මෛත්‍රී වෘත්තීය සමිතිවල ගැටලු ගැන සාකච්ඡා කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිතිවල ඇති ගැටලු පිලිබඳ ව සාකච්ඡාවක් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ ඊයේ (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දීයි.

වර්තමානයේ දී ඇති ව තිබෙන ගැටලු පිළිබඳ දීර්ඝ වශයෙන් විවිධ කේෂ්ත්‍රවල වෘත්තීය සමිති නායකයින් අදහස් පළකළ අතර ඔවුන් සඳහන් කළේ; අවම වශයෙන් රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 12,000කින් වැඩි කිරීම, රාජ්‍ය බැංකුවලින් ගත් ණය පොලිය වැඩි කිරීමෙන් මුහුණපා ඇති ගැටලුවට විසඳුම් ලබාදීම, රාජ්‍ය ආයතන සඳහා බඳවා ගැනීම් නවතා දැමීම, උසස්වීම් නවතා දැමීම ඇතුළු රාජ්‍ය ආයතනවල ඇති ගැටලු නිරාකරණයට කඩිනමින් මැදිහත් විය යුතු බවයි.

මෙම සාකච්ඡාවට පක්ෂයේ වැඩබලන ප්‍රධාන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල, පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?