හිටපු ජනපති මෛත්‍රී වෘත්තීය සමිතිවල ගැටලු ගැන සාකච්ඡා කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිතිවල ඇති ගැටලු පිලිබඳ ව සාකච්ඡාවක් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ ඊයේ (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දීයි.

වර්තමානයේ දී ඇති ව තිබෙන ගැටලු පිළිබඳ දීර්ඝ වශයෙන් විවිධ කේෂ්ත්‍රවල වෘත්තීය සමිති නායකයින් අදහස් පළකළ අතර ඔවුන් සඳහන් කළේ; අවම වශයෙන් රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 12,000කින් වැඩි කිරීම, රාජ්‍ය බැංකුවලින් ගත් ණය පොලිය වැඩි කිරීමෙන් මුහුණපා ඇති ගැටලුවට විසඳුම් ලබාදීම, රාජ්‍ය ආයතන සඳහා බඳවා ගැනීම් නවතා දැමීම, උසස්වීම් නවතා දැමීම ඇතුළු රාජ්‍ය ආයතනවල ඇති ගැටලු නිරාකරණයට කඩිනමින් මැදිහත් විය යුතු බවයි.

මෙම සාකච්ඡාවට පක්ෂයේ වැඩබලන ප්‍රධාන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල, පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38