spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ජනපති ගෝඨාභයගෙන් ප්‍රකාශයක් ගන්න පොලිසියට නියෝග

2022 වසරේ පැවති විරෝධතා අතරතුර ජනාධිපති නිල නිවසේ තිබී සොයා ගත් මුදල් තොගයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස අධිකරණය පොලීසියට නියෝග කර තිබෙනවා.

සිද්ධියට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසය වෙත මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

2022 ජුලි මාසයේ මහජන විරෝධතාවලදී, අරගලකරුවන් කිහිප දෙනෙකු කොටුවේ ජනාධිපති මන්දිරයට කඩා වැදුණු අතර එහිදී රුපියල් මිලියන 17.5 ක මුදලක් සොයාගනු ලැබුවා.

අනතුරුව එම මුදල් ගණන් කර විරෝධතාකරුවන් විසින් කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත භාර දීමටයි පියවර ගෙන තිබුණේ.

මෙම මුදල් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිසියට නියෝගයක් නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?