හික්කඩුවේ වෙඩි තැබීම ගැන පොලිසියේ සැකය යොමුවූ තැන

හික්කඩුව, මහවත්ත ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රි 9.00ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් ‍දෙදෙනෙක් මහවත්ත ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි ප්‍රහාර 04ක් 05ක් පමණ එල්ල වී ඇති අතර, නිවෙසේ බිත්තියකට සහ ජනේලකට වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමෙන් කිසිවකුට හානියක් සිදුව නොමැති අතර පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?