හැමෝම කතා කරන AstraZeneca එන්නත ක්‍රියා කරන යාන්ත්‍රණය මෙන්න

මෙය ඇස්ට්‍රා සෙනෙකා (AstraZeneca) වාහක එන්නත (vector vaccine) ක්‍රියා කරන යාන්ත්‍රණය පිළිබඳ විමසා බැලිමකි.

ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ ජාන උපදෙස් ( Gentic instructions) ලබාදීම සඳහා යොදා ගන්නේ තනි පොට ( single stranded) රයිබෝ නියුක්ලෙයික් අම්ලය (RNA) වෙනුවට ද්විත්ව පොට (two stranded ) ඩී ඔක්සි රයිබෝ නියුක්ලෙයික් අම්ලයයි (DNA)

කොරෝන වෛරස ස්පයික ප්‍රෝටීනය (spike protein) නිපදවන ජානය ඇඩිනවයිරසයක් තුළට ඇතුළු කර තිබේ. ChAdOx1 නම් ලද විකරණය (වෙනස් කළ-modified ) කළ චිම්පන්සි ඇඩිනෝ වයිරසයක් මේ සඳහා එන්නතේ යොදා ගැනුනි (රුසියානු ස්පුට්නික් එන්නතේ ඇත්තේ මානව ඇඩිනෝ වයිරසයකි)

Screenshot 2021 01 31 SPECIAL REPORT හැමෝම කතා කරන AstraZeneca එන්නත ක්‍රියා කරන යාන්ත්‍රණය මෙන්න Sri Lanka News

පයිසර් එන්නතට සෘණ 70 ගබඩා උෂ්ණත්වයක් අවශ්‍ය වුවද ඇස්ට්‍රා සෙනෙකා එන්නත අංශක 2-8 අතර ගබඩා කළ හැක්කේ කෙසේද ? ඩී එන් ඒ ආර් එන් ඒ වලට වඩා ස්ථායි බැවින් පහසුවෙන් බිඳ නොවැටේ . එසේම එය ඇඩිනෝ වෛරසයක් තුළට ඇතුළු කිරීම නිසා ඇඩිනෝ වෛරසයේ තද ප්‍රෝටීන කවරය මගින් එයට ඇතුළු කළ ඩී එන් ඒ කොටස බිඳ නොවැටේ. එනිසා සෘණ 70 උෂ්ණත්වයක ගබඩා කිරීම අවශ්‍ය නොවේ.

එන්නත ලබා දුන් පසු ඇඩිනෝ වෛරසය එන්නත් කළ සෛලය (vaccinated cells) මත ඇති ප්‍රෝටීන හා එක් වේ.වෛරස සෛලය තුළට ඇතුළු වේ. ඉන්පසු න්‍යෂ්ටිය වෙත ළඟා වේ. ඇඩිනෝ වෛරස න්‍යෂ්ටිය වෙත ඩී එන් ඒ තල්ලු කරයි. ජාන ඉංජිනේරු විද්‍යාව අනුව ඇඩිනෝ වවෛරසයට සිය කොපි නිපදවිය නොහැකි මුත් ඒ තුළට ඇතුළු කර ඇති කොරෝනා වෛරස ස්පයික කොටස නිපදවන ජාන කොටස කියවා ගෙන පණිවිඩ ආර් එන් ඒ (messenger RNA-mRNA) කොටසකට කොපි කර ගත හැකි වේ.

Screenshot 2021 01 31 5288a9bf pic 2 853x1024 webp WEBP Image 853 × 1024 pixels — Scaled 61

එම් ආර් එන් කොටස න්‍යෂ්ටියෙන් ඉවත්වේ . සෛලයේ අණු එහි අනුපිළිවෙල (sequence) කියවා ස්පයික් ප්‍රෝටීනය එකලස් කරයි.මේ නිපද වූ සමහර ස්පයික ප්‍රෝටීන සිය තුඩු (spikes) සෛලයෙන් පිටතට යොමු කරයි සමහර ස්පයික ප්‍රෝටීන බිඳ වැටි කැබලි (fragments) සෛල මතු පිට තැන් පත් වේ . මේවා සිරුර තුළ වූ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරයි . ඒ හැරෙන්නට ඇඩින වෛරස සිරුරේ අනතුරු හැඟවීමේ පද්ධතිය (alarm system) සක්‍රීය කරයි. එමගින් ළඟ ඇති ප්‍රතිශක්තිකරණ සෛල සක්‍රීය වේ . මෙය ඇස්ට්‍රා සෙනෙකා එන්නත දීමෙන් ඇඩිනවෛරසය මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය තදින් ප්‍රතිචාරයට ලක් කර ගැනීමේ ක්‍රමවේදය වන අතර මේ ප්‍රතිශක්තිය වර්ධනයට මේ එන්නත යොදාගන්නා යාන්ත්‍රණයේ විශේෂ කරැණකි.

Screenshot 2021 01 31 9b22cd36 pic 3 904x1024 webp WEBP Image 904 × 1024 pixels — Scaled 61

එන්නත් කළ සෛලය විනාශ වූ විට/පසු එහි වූ ස්පයික ප්‍රෝටීන ද , ප්‍රෝටීන කොටස් ද antigen-presenting cell වල ග්‍රහණයට හසු වේ. ස්පයික ප්‍රෝටීන antigen-presenting cell හි පෘෂ්ටයේ රැඳී තිබේ. මේ පෘෂ්ටගත ස්පයික ප්‍රෝටීන helper T cells මගින් සොයා ගනු ලැබේ. helper T cells අන් ප්‍රතිශක්තිකරණ සෛල යොදා ගනිමින් ප්‍රතිශක්තිය නිපදවීමට කටයුතු කරයි . (පින්තුරය 4)

Screenshot 2021 01 31 28a2a60a pic 4 749x1024 webp WEBP Image 749 × 1024 pixels — Scaled 61

අනෙක් ප්‍රතිශක්ති සෛල වන B සෛල එන්නත් කළ සෛල මත ඇති හෝ නිදහස් පාවෙන ස්පයික ප්‍රෝටීන මතට සවි වේ . මේ සවි වූ B සෛල helper T සෛල මගින් සක්‍රීය වූ විට ඒවා ගුණනය වී ප්‍රති දේහ නිපද වේ.

Screenshot 2021 01 31 752802ca pic 5 1024x1024 webp WEBP Image 1024 × 1024 pixels — Scaled 61

මේ ප්‍රතිදේහ කොරෝනා වෛරසය ඇතුළුවුවහොත් කොරෝනා වෛරස ස්පයික හා අඟුලු ලා ගනිමින් වෛරසය විනාශ කිරීම සඳහා සටහන් කර ගනියි. එසේම කොරෝනා වයිරසයේ ස්පයික ප්‍රෝටීන වෙනත් සිරුරේ සෛලවලට සවි වීම වළකා වෛරසයෙන් අසාධනය වීම වළක්වාලයි.

Screenshot 2021 01 31 1fe30f10 pic 6 1024x981 webp WEBP Image 1024 × 981 pixels — Scaled 63

සටහන – මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය පුෂ්ප රංජන් විජේසිංහ
ඡායාරූප – New York Times

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10