හැට හතර මායමකට ඔබත් කරගැහුවාද..?

සිසි වන උවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුළ රිය සක යුරු තිසරතන
දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙවඟන

ඒ කෝට්ටේ යුගයෙහි විසූ කවියකු වන ෂඩ්භාෂාපර‍මේශ්වර ත්‍රිපිටකවේදී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ සැළලිහිණි සන්දේශයේ කවියකි.

කාන්තා දේහ සහ චරිත ලක්ෂණ ගැන වර්ණනාව සිංහල සාහිත්‍යය තුළ බහුලව දැකිය හැකිය. නාරි දේහයේ සුන්දරත්වය සහ ඔවුන්ගේ චරිතාංග ගැන කියවෙන ගද්‍ය, පද්‍ය රචනා මෙන්ම විවිධ කතා බොහොමයක් කුඩා කළ සිට බොහෝදෙනාගේ කණ වැකී ඇතිවාට සැක නැත.

මෑත යුගයේ බිහි වූ ගේය පද නිර්මාණ තුළ ද කාන්තා දේහය, ආදරය, රාගය ගැන වර්ණනා මෙන්ම ඔවුන්ගේ චරිත ලක්ෂණ හේතුවෙන් සොම්නසට මෙන්ම දොම්නසට පත් පුරුෂයන් ගැන ද සඳහන් කර තිබෙනු දක්නට හැකිය.

“සඳෙහි ලප තියේ.. මලෙහි කටු තියේ.. උපමා නෑ සසදන්නේ.. ඔබේ නම ආදරේ..”

“නිල් අඹරෝරේ පෑයූ සඳේ… චන්ද්‍රකාන්තියට ඔච්චම් කළේ.. රූපේ පැහැයෙන් මූණේ හැඩයෙන්…”

“මලක් වුනේ ඇයි නුඹ මට.. ජීවිතයට සුවඳ සලන.. එනමුදු සිප ගන්නට තහනම්…”

කෙසේනමුත්, කාන්තාවන්ට උපතින්ම අන් අය වසඟ කර ගැනීමේ හැකියාවක් ඇතැයි සම්ප්‍රදායික සමාජයේ මතයක් පවතින අතර, කාන්තාවන් ද ස්වභාවධර්මයෙන් ලැබී ඇති ගති ලක්ෂණවලට වඩා වැඩි යමකින් තමන් වෙත අවධානය ලබා ගැනීමට උත්සහ කරන බව බොහෝ දෙනා පවසති.

මෙම චර්යා රටා ‘ස්ත්‍රී මායම්’ ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වේ. එවැනි මායම් හැට හතරක් පවතින බව පැරණි පොත් පත් සහ ලියවිලි තුළ දක්නට ලැබේ.

මොනවා ද මේ හැට හතර මායම්?

  1. නෙතඟින් බැලීම
  2. ඇස්‌ කරකැවීම/ ඇස්‌ නැටවීම
  3. ඇස්‌ පියවීම.
  4. ඇස්‌ නෙරා බැලීම.
  5. ඇස්‌ සම්පූර්ණයෙන් වැසීම.
  6. ඇස්‌ අඩක්‌ වැසීම.
  7. වරින් වර බැලීම.
  8. වෙනතක්‌ බලා සිටීම.
  9. යමක්‌ සිඹීම.
  10. නාසය අකුලා ගැනීම
  11. සුසුම් ලෑම.
  12. තොල පිට පෙරළා සිනාසීම.
  13. කට කොනට නගා සිනා සීම.
  14. කොක්‌හඬලා සිනාසීම
  15. තොලින් තොල හැපීම
  16. රෙද්ද ලිහා නැවත ඇඳීම.
  17. දිව දික්‌ කිරීම.
  18. දිව විකා පෙන්වීම.
  19. දිව නැටවීම
  20. කෑරීම.
  21. බොරු කැස්‌ස.
  22. පැළඳ සිටින ආභරණ වරින් වර ඇල්ලීම.
  23. හුරු අත වැනීම.
  24. බඩ අත ගෑම (හේතුවක්‌ නැතිව)
  25. අත් කැසීම (හේතුවක්‌ නැතිව)
  26. පය කැසීම (හේතුවක්‌ නැතිව)
  27. දොරකඩ රැක සිටීම
  28. අත් දෙක බැඳගෙන ලතාවට සිටීම.
  29. දෙපා බරකර යැම.
  30. පයින් ඉරි ඇඳීම
  31. පයින් පය ගැටීම
  32. අවයව පෙනෙන ලෙස සිටීම.
  33. අවයව පෙනෙන ලෙස ඉඳගෙන සිටීම.
  34. අවයව පෙනෙන ලෙස නිදා ගැනීම.
  35. හේතුවක්‌ නොමැතිව අවේලාවේ නිදා ගැනීම.
  36. . ලයෙහි අත තැබීම.
  37. කතා නොකර සිටීම.
  38. දෙපා විහිදාගෙන සිටීම.
  39. උඩ බලාගෙන සිටීම.
  40. කර බාගෙන සිටීම.
  41. නාභිය පෙනෙන පරිදි රෙදි ඇඳීම.
  42. බොළඳ ලෙස කථා කිරීම.
  43. ඉඟටිය නැටවීම.
  44. මදක්‌ නැමී බැලීම.
  45. උරහිස නැටවීම.
  46. පියයුරු තද කර ඇඳීම.
  47. පයෝධර නැටවීම.
  48. දුවගොස්‌ ගෙට වැදීම.
  49. දොර කවුළු ආදියෙන් එබී බැලීම.
  50. බොරුවට ඈනුම් ඇරීම.
  51. කොණ්‌ඩය ලිහාගෙන යෑම.
  52. මඟ යමින් ආපසු හැරී බැලීම (කෙස්‌ වැටිය අතරින් බැලීම.)
  53. වස්‌ත්‍රයේ කොනක්‌ අල්ලාගෙන යැම.
  54. ශබ්ද කොට කතා කිරීම.
  55. දරුවන් සමඟ බොරු හුරතල් කිරීම.
  56. කෝප වූවකු මෙන් කතා කිරීම.
  57. බුලත් කෑමේ ගිජු බවක්‌ දැක්‌වීම.
  58. කවට වචන කතා කිරීම.
  59. පිරිමින්ගේ අගුණ කීම.
  60. බොරු නෑකම් කීම.
  61. ස්‌ත්‍රීන්ගේ අගුණ කීම.
  62. බොරු ක්‌ලාන්ත ගතියක්‌ දැක්‌වීම.
  63. විසිතුරු දෙයක්‌ දෙස බලා වඩා කුහුලක්‌ දැක්‌වීම.
  64. ඉතා සුළු දෙයටත් බොහෝ බියවීම.

“ස්ත්‍රිය කියන්නේ තේරුම් ගන්න බැරි ජීවියෙක්”
“ස්ත්‍රීන්ගේ මායම් හැට හතර කියා හඳුන්වන චරිත ලක්ෂණ බිහි වෙන්නේ කොහොමද කියන එකයි අපි බලන්න ඕනේ. විශේෂයෙන්ම ඉතිහාසය පුරාවට පුරුෂයන් ස්ත්‍රිය තේරුම් ගන්න බැරිවීම නිසා ඇතිවන පැටලිල්ල, අනවබෝධය, වේදනාව සහ කඩාවැටීම යන කාරණාවලින් ඇතිවන කුතුහලය තමයි හැට හතර මායම් ලෙස හඳුන්වන්නේ,” ප්‍රවීණ ලේඛකයෙකු වන සුජිත් අකරවත්ත සිය දේශනයක දී පැවසීය.

“මායම් හැට හතර වගේම අපිට තිබෙනවා හැට හතර කලාවක්. අපි එය හඳුන්වන්නේ සූසැට කලාව කියලා. මේ සූසැට මායම් ඇතුළෙන් තමයි හැට හතර කලාවත් බිහිවුණේ කියලා අපිට හඳුන්වන්න පුළුවන්.”

“මානවයාගේ වනවාසී ජීවිතය ඇතුළේ කාන්තාව සමග ගුහා ගත වීම සහ එය පළමු අවස්ථාවේම අසාර්ථක වීමේ තැන ඉඳලා මේ බිඳ වැටීමට හේතු ගැන පුරුෂයා කල්පනා කිරීම තුළින් තමයි මේ හැට හතර මායම් බිහි වන්නේ.”

“පිරිමියා කියන්නේ රංචු වශයෙන් ඉන්න කැමති සත්වයෙක්. නමුත් ඔහු කොහොමද තනි වුණේ නැත්නම් කුඩුම්භ කේන්ද්‍රීය වුණේ කොහොම ද කියන එකට ඔහු හේතු කල්පනා කර තිබෙනවා. ස්ත්‍රීය හැර යාමෙන් ඇති වූ වේදනාව, තනිකම, ප්‍රශ්නාර්ථය තමයි අවසානයේ ස්ත්‍රියට ඇති කලා නැත්නම් මායම් හැට හතරක් ලෙස හඳුනාගෙන තිබෙන්නේ.”

“ස්ත්‍රිය කියන්නේ තේරුම් ගන්න බැරි ජීවියෙක්. ඒ නිසා එම ස්ත්‍රිය තේරුම් ගැනීමට දැවැන්ත මානව ඉතිහාසය තුළ පිරිමින් සිදු කළ බුද්ධිමය අරගලය තමයි අවසානයේ තීරණයක් ලෙස එළියට ආවේ ස්ත්‍රිය කියන්නේ මායම් හැට හතරක් ඇති ජීවියෙක් කියලා,” ඔහු තවදුරටත් පැහැදිලි කළේය.

අප්‍රසාදය හා ‘රසවත් කතාවක්’
කෙසේනමුත් බීබීසී සිංහල සේවය වර්තමාන සමාජයේ කාන්තාවන් දස දෙනෙකුගෙන් හැට හතර මායම් ගැන විමසූ විට ඔවුන් අතරින් හත් දෙනෙකු සිය අප්‍රසාදය පළ කර අතර, තිදෙනෙකු මෙය සාහිත්‍ය හා බැඳුණු රසවත් ‘කතාවක්’ ලෙස හැඳින්වීය.

“තාක්ෂණය උපරිම තැනට ගිය ලෝකයක අපි ඉන්නේ. එහෙම ලෝකයක ගැහැණු මායම් ද පිරිමි මායම් ද කියලා වර්ග කරන්න බැහැ. පොදුවේ මානවයන් සියල්ල තම උපරිමයෙන් තාක්ෂණය හරහා කැපී පෙනෙන්න උත්සහ කරනවා. එහෙම දරණ උත්සාහයන්, නැත්නම් චරිත ලක්ෂණ හොයන්න ගියොත් මායම් දහසක විතර ලැයිස්තුවක් හදන්න වෙනවා. මේවා යල් පැන ගිය අදහස්” යැයි පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු ප්‍රභාවි මිහිඳුකුලසූරිය පැවසීය.

“ගැහැණියක්ගේ ඇඟේ මදුරුවෙක් වහපු නිසා අතක් ගසලා දැම්මත්, ඒකත් මායමක් හැටියට ගන්නේ. මට මේ දේවල් පෙනෙන්නේ ගැහැණුන්ට වෙනස් කොට සැලකීමක් විදිහට,” ව්‍යාපාරික කාන්තාවක් වන බිනෝලි සුහස්මා පැවසුවාය.

“මේ මොන පිස්සුවක් ද? මේ ලැයිස්තුවට අනුව සාමාන්‍ය මනුස්සයෙක් සිදු කරන සෑම ක්‍රියාවක්ම මායම් ගණයට වැටෙනවා. මේකේ විදියට අපිට නිදහසේ කිසිම දෙයක් කරන්න හෝ නොකර ඉන්නත් බැහැ . මේ ලැයිස්තුව මුලින්ම හදපු කෙනා මහා මිථ්‍යාදෘෂ්ටියෙක්” යැයි ගුරුවරියක වන දිලිණි අමරසූරිය සඳහන් කළාය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26